තෙල් සහ ගෑස් ප්‍රශ්න විසඳන දින වකවානු ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

තවත් දින 10 – 12 ක් තුළ රටේ ඉන්ධන ප්‍රශ්නය සහ ගෑස් ප්‍රශ්නය විසඳන්නේ යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දුවක් ලබාදුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි.

“ජනාධිපතිතුමාට අපි අද රටේ තියෙන තත්වය පැහැදිලි කරලා දුන්නා. අද රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නෑ, මේ ප්‍රශ්න සියල්ලම ජනාධිපතිතුමාට තේරුම් කරලා දීලා මේකෙ ඉදිරි වැඩපිළිවෙල මොකක්ද කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඇහුවා. ජනාධිපතිතුමා ඒ අනුව ඉදිරි වැඩපිළිවෙල කිව්වා. එතුමා පොරොන්දුවක් දුන්නා තව දවස් 10ක් 12ක් විතර යනකොට මේ තෙල් ප්‍රශ්නෙයි ගෑස් ප්‍රශනෙයි විසඳන්න පුළුවන් කියලා. ඒ හින්දා අපි ඉවසීමෙන් ඒ දවස් 10 – 12 ත් බලාගෙන ඉමු”

ලලිත් එල්ලාවල මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ කණ්ඩායමක් ඊයේ (02) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...