නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට

නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.
ඉහත තීරණය මීට පෙර ද සාකච්ඡාවට ගෙන තිබූ අතර එය නැවත ශ්‍රී ලංකා රගර් විධායක සභාවේදී අනුමැතියට ලක් වී ඇති අතර එම තරගාවලියේ පළඟ සූරතාවය පිරිනැමෙන්නේ නාවික හමුදාවටය.ජාතික ලීග් සූරතාවය මෙන්ම අනෙකුත් ජාතික සූරතාවලද අනුග්‍රාහක ඒකාධිකාරය බිඳ,විකාශන අයිතිය ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම ක්‍රීඩාවට වෙනම ආකාරයේ ලාභයක් ලැබෙන පරිදි පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා රගර් ගත් තීරණය මත දැඩි ගැටළු ගණනකාවට මුහුණ දුන් අතර මේ අවස්ථාවේදි තරඟාවලියේ විශාල දුරක් ගෙවී තිබියදී ද,ශ්‍රී ලංකා රගර් සමඟ අත්වැල් බැඳගන්නට නිපොන් පේන්ට් ඉදිරිපත් විය.ඒ සම්බන්ධයෙන් LNW වෙත නිපොන් පේන්ට් අනුග්‍රහය ප්‍රශංෂාව පළ කළ ශ්‍රී ලංකා රගර් සභාපති රිස්වි ඉල්ලියාස් මහතා ප්‍රතාශ කර සිටියේ ඉදිරියේදි මෙම සූරතා කුසලානය සහ පළඟ සූරතාවය පිරිනැමීම නිපොන් දායකත්වය ඇතිව පවත්වන්නට විධි විධාන යොදමින් සිටින බවය.
නිපොන් පේන්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රගර් කණ්ඩායම් සමඟ ද අනුග්‍රාහකත්වයෙන් අත්වැල් බැඳ ගෙන ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...