පදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.
එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”
මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..
ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…
එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්‍ර්‍රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.
ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..
ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..
හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
