*
Thursday, October 31, 2024
spot_img

Latest Posts

රුපියල් 100 කොලෙත් තුට්ටුවට වැටිලා, ඔබට සතුටුයිද දැන් – දයාසිරි

මේ වනවිට රුපියල් 20, රුපියල් 50 නෝට්ටුවලට මිලදී ගත හැකි කිසිදු භාණ්ඩයක් වෙළඳපොලේ නොමැති බවත්, ඉතා නුදුරේදීම රුපියල් 100 නෝට්ටුවද භාවිතයෙන් ඉවත් වනු ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රට තීව්‍ර උද්ධමනයක් කරා ගමන් කරමින් සිටින බවයි.

පසුගිය ජනවාරි මාසයේ සිට මාසිකව 10% – 15% අතර ප්‍රතිශතයකින් උද්ධමනය ඉහළ ගොස් ඇති බවත්, පසුගිය ජුනි මාසයේදී පමණක් උද්ධමනය 54% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා වැඩි උද්ධමන අගයක් වාර්තා වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයෙන් පමණක් බව පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා පවසන්නේ උද්ධමනය ඉහළ යාමේ වේගය අනුව ශ්‍රී ලංකාවට සමස්ත ලෝකයෙන්ම දෙවැනි තැනට පත්ව ඇති බවයි.

උද්ධමනය ඉහළ යාම අතින් ශ්‍රී ලංකාව ලෝකවාර්තාවක් තබා ඇති බවද ඔහු පවසනවා. උද්ධමනයෙන් හෝ ලෝකයේ දෙවැනි තැනට පත්වීම සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෙකුට සතුටු විය හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

උද්ධමනය ඉහළ යාමේ වේගය අනුව තවත් මාස කිහිපයකින් රුපියල් 5000 නෝට්ටුවටද මිලදී ගත හැකි භාණ්ඩ වෙළඳපොල තුළ නොමැති විය හැකි බවද ඔහු පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan