සටහන – රුවන් නෙළුගොල්ල
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඇමරිකානු ඩොලර් මිලියන 175ක පමණ වන ණය දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යූහගතකරණය කර අවසන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා පවසයි.
“අපගේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යය බොහෝ දුරට අවසන් වී තිබෙනවා. ශ්‍රී ලංකාව තිරසර මූල්‍ය මාවතකට යොමුකර ඇති අතර දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය තව දුරටත් ශක්තිමත් කර තිබෙනවා. මෙම අත්පත් කරගත් ප්‍රගතිය හේතුවෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතන වන ෆිච් රේටිංස්, මූඩිස් සහ S&P වැනි ආයතන රටේ ස්වෛරීත්ව ණය ශ්‍රේණීගත කිරීම් පිළිවෙලින් CCC+, CAA1 සහ CCC+ දක්වා ඉහළ නංවා තිබෙනවා. මෙම නව ශ්‍රේණිගත කිරීම් ශ්‍රී ලංකාවේ ආයෝජනය සම්බන්ධව විශ්වාසය තවදුරටත් පිළිබිඹු කරන කැඩපතක් වෙනවා. තවත් අපට ණය ප්‍රතිව්‍යූහගත කිරීම් ඩො.මි 175ක ණයක් තියනවා, එයාර් ලංකා ආයතනයෙන්. ඒක දැන් ඩො.මි 210ක් පමණ වෙලා තියනවා. ඒ ණය ඉතා ඉක්මනින් අපි මේ දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යුහගත කරගන්නවා. එතකොට මම හිතනවා අපේ මේ අගය තවත් ඉහළ අගයකට පත්වෙයි කියලා”
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී 2026 අයවැය කතාව තුළදී ය.
