නිශ්මං රණසිංහ නොවැම්බර් 08, කොළඹ LNW:
ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාවයි.එහි අනාගතය භාර අවුරුදු 19 න් පහළ කෙල්ලන් මේ මොහොතේ සිටින්නේ මධ්‍යම ආසියානු වොලිබොල් තරගාවලිය සමඟයි.ඔවුන් අද තරග වඳින්නේ ප්‍රබල කිර්ගිස්තාන කණ්ඩායම සමඟයි.තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන බැවින් සහ නොමිළේ එයට ඇතුළවීමට අවස්ථාව ද තිබෙන බැවින් මේ පුංචි කෙල්ලන්ට අවසාන තරගයට යන්නත්,අවසාන තරගයේදී දිනන්නත් ඔබට උදව් කරන්න පුළුවන්.
ඇවිත් අත්පොළසමක් දෙන්න ඔල්වරසන් නඟන්න.ක්‍රීඩාවට ආදරේ ජනතාවට කළ හැකි අවමය තමයි ඒ දේ.ක්‍රීඩා පරිපාලනය,දේශපාලනය ඒ ආදරය වෙනුවෙන් විවේචනය කරන්න පුරවැසියාට තියෙන අයිතිය සුවිශාලයි,සුවිශේෂයි.ඒ ගැන විවාදයක් නැහැ.ඒත් අපේ හිස් අත්වලට, පිටවෙන වචනවලට කළ හැකි කැපවීමත් දීලම ඒ දේ කළ හැකිනම් වඩාත් අගනා සහ තාර්කික එකක් වේවි ඔබේ මැදිහත්වීම්.
මේ කණ්ඩායම සතුව ඉන්න හය දෙනෙක්ම අවුරුදු 16 න් පහළ ක්‍රීඩිකාවන්.තවත් වසර ගණනක් මේ තරගාවලියේ අවුුරුදු 19 න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩිකාවන්.මේ ආරම්භක පියවරේදී ඔවුන්ට ඔවුන්ව විශ්වාස කරනවා කියන දේ පෙන්නන්න,එයින් ඔවුන්ට ශක්තියක් වෙන්න පුළුවන්නම් මේ පැටව් ටිකට මධ්‍යම ආසියාව ජය ගන්න ලොකු ඉඩක් තියෙනවා.අද තරග වඳින දක්ෂ කිර්ගිස්තානය පළමු හමුවේදී වට 3- 0 න් පරාජය කරමින් ඒ දේ ඔප්පු කළ මේ පොඩි කෙල්ලන්ට අද කිර්ගිස්තානය දන්න වැඩ ඔක්කොම දාලා අවසන් තරගයට එන්න උත්සාහ කරයි.
ඒ නිසයි ඔබේ සහය අවශ්‍යය වන්නේ.ඔබේ ශක්තිය ආදරය ඔවුන්ව උණුසුම් කරන තරමට දවසේ ප්‍රතිපලය යහපත් වෙනු ඇති බව අපේ විශ්වාසයයි.
