රටම එකට: තවත් 740ක් පොලිස් දැලට!

Date:

කොළඹ LNW:දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය ක්‍රියාත්මක කරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලින් ඊයේ දිනයේ දී සැකකරුවන් 740 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දිනයේ දී පමණක් පුද්ගලයන් 31,436 දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති අතර අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 16ක් සෘජුව හඳුනාගෙන ඇත.

වරෙන්තුකරුවන් 322ක් මෙන්ම විවෘත වරෙන්තුකරුවන් 200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

බීමත් රියදුරන් 16 දෙනෙකු හා අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 25 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව ඇති අතර වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 4869 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...

මෝල්ඩෝවා සිට මෙරටට එන අමුත්තා!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 24, කොළඹ LNW : අනිද්දා(27)දින ශීත...