මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW :

2025 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 712ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බව , ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, 2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 6.52ක් වූ අතර එය පසුගිය වසරේ එම කාලයට වඩා 20.1%ක වැඩි වීමක් බවයි.

මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන්නේ මෙම වසරේ මුල් මාස නමය තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවද පැවසේ.

ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වේ.

එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට 5.3%ක වැඩිවීමක් බව මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට රු. මිලි. පහක අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...