කොළඹ LNW: මෙතෙක් කාලයක් පැවති රජයන් වලට වඩා වර්තමාන රජය හොඳ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ හොරුන්ට,දුෂිතයින්ට අවස්ථාවක් නොදීමට රජය කටයුතු කරමින් සිටින අතර රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ආකාරයද නිවැරදි පූර්වාදර්ශයක් බවයි ඔහු සඳහන් කරන්නේ.
”අපේ රටේ දැක්මක් තියෙන නායකයෝ එක්කෙනෙක්වත් ඉඳල නැහැ. පහිගිය වසර 75 ගත්තත් අපේ රටේ දුෂණය හැම අස්සක මුල්ලකම තිබ්බා. ජනවාර්ගික,ජාතික ප්‍රශ්නයකින් තොරව මේ ජාලයට එකතු කරගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ පිරිසක්. ඒ ජාලයෙන් මේ රට ගලවා ගන්න ලේසි නෑ. මේ වෙනකොට දේශපාලනය ගැන ඉතා සංවේදීව බලන්න පටන් අරන් තියෙන්නේ ජනතාව. නැවතත් පරණ විදිහට තට්ටු මාරු ක්‍රමය අනුගමනය කරයි කියල හිතන්නේ නෑ. හොරුන්ට,දුෂිතයින්ට අවස්ථාවක් නොදෙන්න මේ වෙනකොට ක්‍රියාකරනවා. අඩුගානේ හොරෙක් අහුවුණාම පස්සේ දොරෙන් ගෙනිහින් බේරෙන්න පුළුවන් ක්‍රමයක් දැන් නෑ. පහුගිය කාලය පුරා තිබුණු අනෙක් රජයන්වලට වඩා මේ රජය යන මාර්ගය හොඳයි. ඒ ගෞරවය අපි ඒගොල්ලන්ට දෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මාව දේශපාලනයට ගෙනාවේ. එතුමාව හිරේ දැම්මම මට ඉතින් පොඩි කණගාටුවක් ඇතිවුණා. නමුත් එතැනදී ආණ්ඩුව දුන්න පූර්වාදර්ශය හරි කියන තැන මම ඉන්නවා. කාටත් එක හැන්දෙන් නම් බෙදන්නේ ඒ වග පිළිගන්න වෙනවා.” යනුවෙන් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.
ආශිකා බ්‍රාහ්මණ
