විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ තමන් හෝ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු දැන සිටියේ නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
එය ඉන්දීය රජයේ ආරාධනයක් අනුව සිදුවූ නිල සංචාරයක් යැයි තමන් දැනගත්තේ ද පුවත්පත්වලින් බවයි හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ.
එම සංචාරය සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් සම්බන්ධ කර නොගත්තේ ඇයිද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමන්ට හැකියාවක් නොමැති බව පැවසූ ඒ මහතා කෙසේවෙතත් මෙය පක්ෂ අභ්‍යන්තරයේ බරපතළ අර්බුදයක් යැයි පැවසීමට නොහැකි බවත් ප්‍රකාශ කළේය.
හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සජීවී දේශපාලන සංවාදයකදී ය.


