තහනම් නියෝගයක් ගත නොහැකි තැන, සාමකාමී වෙන්නැයි පොලිස්පති ජනතාවෙගන් ඉල්ලයි !

Date:

නීතිමය රාමුව තුල ජනතාවට හිමි විරෝධ දැක්වීමේ අයිතිය භුක්ති විඳින ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

සාමකාමීව රැස්වීමේ සහ විරෝධය පෑමේ ජනතාව සතු අයිතියට පොලීසිය ගරු කරන බවත්, කෙසේ නමුත් රජයේ දේපළවලට හානි සිදු කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාවක් පොලීසියට නොමැති බවත් පොලිස්පතිවරයා අවධාරණය කරයි. පුරවැසියන් සතු රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආරක්ෂා කිරීම මෙන්ම, ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා කිරීමේ වගකීමද පොලීසිය සතු බවයි පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.

ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත විරෝධතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව සඳහන් කරනවා.

හෙට සහ අනිද්දා දිනවලදී ජනාධිපති මන්දිරය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත විරෝධතාවලට එරෙහිව අධිකරණ නියෝගයක් ලබා ගැනීමට පොලීසිය උත්සාහ දැරූ නමුත් අධිකරණය අදාල නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසීය වෙඩි!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW අද (3) දහවල්...

ලාංකේය පාපන්දුවට නේපාලය ඉදිරියේත් 8 – 0 ක පරාජයක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ලොව අංක 100 කාන්තා...

හිටපු අමාත්‍ය මර්වින් ඇතුළු තිදෙනාට ඇප!

රෂිකා හෙන්නායක ජූනි 03 , කොළඹ LNW : හිටපු...

ඉන්දුනීසියානු බාලි දූපත අසල දී මගී නෞකාවක් ගිලී යයි!

රෂිකා හෙන්නායක ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුද්ගලයින් 65...