විපක්ෂ නායක සජිත් සහ කටාර් තානාපති අතර හමුවක්. ඉන්ධන අර්බුදය ගැන සාකච්ඡා

Date:

ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීන් බින් ජාබර් ජසීම් අල් සරුර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඒ ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුවලට විසදුම් සෙවීම සම්බන්ධයෙන් එහි දී විශේෂ අවධානයක් යොමු කළ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තෙල් අර්බුදය පිළිබඳව ද සාකච්ඡාවට ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජන ජීවිත ගොඩ නැංවීම වෙනුවෙන් කටාරයේ සහයෝගය අපේක්ෂා කරන බව එහිදී විපක්ෂ නායකවරයා පවසා සිටි අතර ශ්‍රී ලංකා – කටාර් ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය.

කටාර් අරමුදල විවෘත කිරීම වෙනුවෙන් එවක සහභාගි වීම පිළිබඳව විපක්ෂ නායකවරයාට සිය ස්තූතිය පුද කළ කටාර් තානාපතිවරයා, ඊට සහභාගි වීම සම්බන්ධයෙන් ඒ වකවානුවේදී විපක්ෂ නායකවරයාට එල්ල වූ චෝදනා පිළිබඳව ද සිහිපත් කළේය. එහිදී යම් අපහසුතාවයක් සිදුවූවා නම් ඒ පිළිබඳව කටාර් රජය වෙනුවෙන් සිය කනගාටුව පළ කරන බව පැවසූ තනාපතිවරයා, විපක්ෂ නායකවරයා සමඟ ශක්තිමත් සබඳතාවයක් පවතින බවද පැවසීය.

තෙල් හා ගෑස් අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කරනු ලබන මැදිහත්වීම පිළිබඳව ප්‍රසාදය පළ කළ කටාර් තානාපතිවරයා ඒ වෙනුවෙන් දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ද සඳහන් කළේය.

ආගම්වාදයෙන් ජාතිවාදයෙන් වර්ග වාදයෙන් තොර රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් කැපවන බව එහිදී විපක්ෂ නායකවරයා කටාර් තානාපතිවරයා සමග පැවසූ අතර කටාර් තානාපතිවරයා සහතික වූයේ, අනාගතයේ දී අවම වශයෙන් රැකියා ලක්ෂයක් කටාරය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් සූදානම් කරන බවය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...