සජින් වාස් ගුණවර්ධනගේ විදෙස් ගමන් තහනම ඉවතට …

Date:

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආන්දෝලනාත්මක ප්‍රබල චරිතයක් වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (07) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව ගොනුකර තිබුණු නඩුවක් ඊයේ දිනයේදී මෝසමක් මාර්ගයෙන් කැඳවා තිබුණු අතර එහිදී ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ජුලි 08 – 25 අතර කාලය තුළ සිය සේවාදායකයාට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍යව ඇති හෙයින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අදාළ අවසරය ලබාදුන් අතර නඩුව ජුලි 26 වනදා යළි කැඳවීමට නියම කරන ලදී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...