සජින් වාස් ගුණවර්ධනගේ විදෙස් ගමන් තහනම ඉවතට …

0
424

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආන්දෝලනාත්මක ප්‍රබල චරිතයක් වූ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (07) නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඔහුට එරෙහිව ගොනුකර තිබුණු නඩුවක් ඊයේ දිනයේදී මෝසමක් මාර්ගයෙන් කැඳවා තිබුණු අතර එහිදී ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ ජුලි 08 – 25 අතර කාලය තුළ සිය සේවාදායකයාට ව්‍යාපාරික කටයුත්තක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍යව ඇති හෙයින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙසයි.

ඒ අනුව කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් අදාළ අවසරය ලබාදුන් අතර නඩුව ජුලි 26 වනදා යළි කැඳවීමට නියම කරන ලදී.

RN