නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු යටතේ 6000 ක පොලිස් බලඇණියක් කොළඹට – හමුදාව, සිවිල් ආරක්ෂක බලකායත් කැඳවයි

Date:

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුව ඉවත් වන්නැයි බලකරමින් ආරම්භ කර ඇති අරගලයේ තීරණාත්මක දිනය හෙටයි. ඒ වෙනුවෙන් රටපුරා අරගලයට සහාය දක්වන දහස් ගණනක් කොළඹ නගරය වෙත පැමිණීමට මේ වනවිටත් සූදානමින් සිටී.

මේ අතර අද රාත්‍රියේ සිට කොළඹ නගරය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ සඳහා පොලිස් නිළධාරීන් 6292 ක් කොළඹට කැඳවා තිබෙනවා.

පොලිස්පතිවරයා කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපියකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු යටතේ මෙම පොලිස් බලඇණිය ක්‍රියාත්මක වේ. ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරුන් 24 ක්, පොලිස් අධිකාරීවරුන් 86 ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂක/පොලිස් පරීක්ෂක/උප පොලිස් පරීක්ෂකවරුන් 392 ක් ඊට ඇතුළත් වේ. කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 200 ක්ද ආරක්ෂක කටයුතු සඳහා කැඳවා තිබෙනවා.

මීට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දහසක් සහ හමුදා කණ්ඩායම්ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...