වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ ඩීසල් තෙල් රැගත් බවුසරයක් එකිනෙක ගැටීමෙන් ඇතිවූ ගින්නට හසුව පුද්ගලයින් 42දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

එලෙස මියගොස් ඇත්තේ ඉන්දීය වන්දනාකරුවන් පිරිසක් බව වාර්තා වන අතර මෙම කණ්ඩායම තම චාරිත්‍ර ඉටු කිරීමෙන් පසු මක්කම සිට ආපසු යමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි විදෙස් පුවත් වාර්තා කර ඇත්තේ.

අනතුර සිදුවන විට බොහෝ මගීන් නිදාගෙන සිටි අතර ගැටීමෙන් පසු බස් රථය ගිනි ගන්නා විට ඔවුන්ට පැන යාමට ඇති ඉඩකඩ ඇහිරී ඇති බව සඳහන්.

විපතට පත්වූවන් අතර අවම වශයෙන් කාන්තාවන් 11 දෙනෙකු සහ දරුවන් 10 දෙනෙකු සිටින බව වාර්තා වෙයි. අනතුරින් බස් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති හෙයින් අනතුරට පත්වූවන් හඳුනා ගැනීමද අතිශයින් අභියෝගාත්මක බවද දැක්වෙයි.

මෙම අනතුරින් එක් පුද්ගලයෙක් දිවි ගැලව ගෙන ඇති අතර තුවාල ලබා ඇති එම පුද්ගලයා රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...

හැලොවීන් සාදයටත් වෙනස් වෙන්න අකමැති ට්‍රම්ප්! “මම ආවේ මම විදිහටමයි!”

සටහන – පුලී නොවැම්බර් 01, LNW (කොළඹ): හැලොවීන් උත්සවය වෙනුවෙන් කවුරුත්...

පළාත් හතක ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: පවතින වැසි සහිත කාලගුණ...

නොවැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෑස් මිල ගණන් වෙනස් නොවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: නොවැම්බර් මාසය සඳහා ගෘහස්ථ...