ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW:

ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල විස්සයි විස්ස ලීගයන් හ අත්දැකීම් ඇති විජයකාන්ත් වියස්කාන්ත් මේ වන විට කටාරයේ පැවත්වෙන ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභින් අතර තෙවැන්නාය.ශ්‍රී ලංකාවේ වැඩිම කඩුලුලාභියාය.මේ දස්කම් පදනම් කරගෙන පකිස්තානයේ පැවත්වෙන තුන්කොන් තරගාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංගගේ ආබාධිත තත්ත්වය මත ක්‍රීඩා කිරීම සැක සහිත නිසා ඒ වෙනුවට කණ්ඩායම් සංචිතයට වියස්කාන්ත් කැඳවීමට පියවර ගෙන ඇත.


ප්‍රකට අයිපීඑල් තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කන්ඩායමට මෙන්ම ජාත්‍යන්තර විස්සයි විස්ස ලීගයන් හී චැටගොන්ග් චැලෙන්ජර්ස්,අබුඩාබි නයිට් රයිඩර්ස් මෙන්ම එම්අයි එමිටේස් කණ්ඩායම් ද නියෝජනය කර ඇති වියස්කාන්ත් මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සහභාගි වී ඇත්තේ එකම එක විස්සයි විස්ස තරගයක් පමණි.


යාපනය මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි වියස්තාන්ත් උතුරෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැමිණ තිබෙන එකම ක්‍රීඩකයා වන අතර මේ වන විට 23 වන වියේ පසුවන ඔහු ජාතික කණ්ඩායමට කැඳවා බංකුවේ තැබුවහොත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ද ඔහුගේ වටිනා සේවය අහිමි වී යනු ඇත.වර්ථමානයේ ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන වියස්කාන්ත්ගේ පා දඟ පන්දුව තුන් කොන් තරගාවලියේදී කෙසේ දඟ කැවේද යන කාරණය මත බොහෝ දේවල් වෙනස් වීමට ඉඩ ඇත.ඒ සඳහා ඔහුට කණ්ඩායම තුළ නිශ්චිතව ස්ථානයක් හිමි විය යුතුය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ අපනයන පංගුව අඩුවෙලා ?

පසුගිය (2025) වසරේ ලංකාවේ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන...

ලෝක උරුම දුම්බර රටා මවන ගමේ නම ලෝකයට කියන දඟ කවන්නිය – අසෙනි තලගුණේ

නිශ්මං රණසිංහ යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පත් කර...

රජඇලේ වේගය බංගලාදේශ ගමනට තේරෙයි

නිශ්මං රණසිංහ රජඇලටත් කන්තලේ වැවටත් තියෙන්නෙ අපූරු සබඳතාවයකි.ඇලහැර ඇල...

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින දහයක සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(16) දිනයේදී...