යුක්රේනය ගිනිබත් වෙද්දී එරට ධාන්‍ය අපනයනයට ඉඩදීමට සාකච්ඡා පවත්වන්න රුසියාව එකඟයි ලු!

Date:

යුක්රේනයේ ධාන්‍ය ලොවට බෙදා හැරීමට ඉඩ දීම සඳහා සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්ත පළකරන බවට එරට විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (08) දින ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වූ G20 සමුළුව අමතමිනි.

G20 සමුළුවට රුසියාව සහභාගී වීම සම්බන්ධයෙන් එම සමුළුවට සහභාගී වන බටහිර රටවල් මුලසිටම සිය දැඩි විරෝධය පළකර සිටි අතර, සමුළුව අමතමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මෙය සෘජුවම රුසියානු නියෝජිතයාගේ මුහුණට පවසා ඇති බව වාර්තා වේ.

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා රුසියානු විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ, යුක්රේනය රුසියාවට අයත් රටක් නොවන බවත්, යුක්රේනයේ ධාන්‍යවලට අයිතිවාසිකම් කීමට රුසියාවට හැකියාවක් නොමැති බවත්, ඒ අනුව යුක්රේනයේ ධාන්‍ය ලොවට බෙදා හැරීමට රුසියාව ඉඩ ලබා දිය යුතු බවත් ය.

එවන් පසුබිමක් තුළ යුක්රේනයේ ධාන්‍ය එරට වරාය හරහා පිටත් කර හැරීමට රුසියාව ඉඩ ලබා නොදෙන්නේ මන්ද යන්න බ්ලින්කන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ප්‍රශ්න කර ඇත.

ධාන්‍ය බෙදා හැරීම සම්බන්ධයෙන් යුක්රේනය සහ තුර්කිය සමඟ සාකච්ඡා පැවැත්වීමට රුසියාව එකඟ වන මුත් එවන් සාකච්ඡාවක් පැවැත්වෙන්නේ ද යන්න පිළිබඳ තහවුරු කිරීමක් රුසියානු විදේශ අමාත්‍යවරයා එහි දී සඳහන් කර නැත.

මෙවර G20 සමුළුව පවත්වනු ලැබුවේ ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදය වැනි භූදේශපාලනික කරුණු ඉලක්කකරගෙන ය.

ඡායාරූප: රොයිටර්

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...