“සමාව දෙන්නෙ නෑ” කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ ඇදහිල්ලකින් මතුවෙන මනෝභාවයක්..
අනෙකා නොඉවසීම, පලිගැනීම වැනි ගෝත්‍ර සංකල්ප නිසා මේ බිමේ හැලුන ලේ දැන් ඕනෑවටත් වැඩී… දැන් මේ පොලොවට අවශ්‍ය අනෙකාව සහ අනෙක් මත ඉවසීම සහ ජාතියක් විදියට අපි හිරවෙලා ඉන්න ගැඨළුව දෙස පළල්ව, උපේක්ෂාත්මකව බලන සබුද්ධික ප්‍රවේශයක්..
එක යුගයක මාත් හිටියා සතුරාට සමාව නොදෙන මොකක්ද දෘඩ දේශපාලන දෘෂ්ටිවාදයක. දැන් ආපහු ඒ ඉතිහාසය දිහා හැරිලා බැලුවම අපේ ඒ සමාව නොදීමේ ප්‍රතිපත්තියට වන්දිය ගෙවන්ට වෙලාතිබුනෙ අපි දාපු ඇඳිරිනීතියකට කඩේ වහපු නැති නැත්තන් කඩේ එක දොර පියනක් ඇරන් හිටපු පෙට්ටි කඩකාරයෙකුට.. නැත්තන්, අපි චන්දෙ දාන්ට පාරට බහින්ට එපා කියලා තියෙද්දි ගොංකමට චන්දෙ දාන්ට පාරට බැහැපු මෝඩ ගැමියෙකුට…
අන්තිමට බැලුවම නිර්ධන පන්තියට විමුක්තිය දෙන්ට කරපු යුටෝපියානු සටනක හතුරොවෙලා ඒකෙ ජීවිත වන්දිය ගෙවන්ට උනේ මේකෙ ජීවත් උන අන්තම පීඩිතයො පිරිසකට..
ප්‍රේමකීර්ති වගේ අහිංසක සරල කලාකාරයෙක්, සාගරිකා ගෝමස් වගේ අහිංසක ගෑණියෙක් දරුණු ගනයේ සතුරො උනේ වෛරී දෘෂ්ටිවාදයක අවුල නිසා මිසක් ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ අවුලක් නිසා නෙමේ..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
