දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම එකතු කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2025 වර්ෂය වෙනුවෙන් නොවැම්බර් 17 දින වන විට රැස්කර ඇති අතර, එය රුපියල්මිලියන 2,002,241 ක්(රුපියල් බිලියන 2,002.241ක්) පමණ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙය 2024 වර්ෂයේ සමස්ථ ආදායමට සාපේක්ෂව රුපියල් මිලියන 60,079 ක වැඩිවීමකි.

2024 සමස්ථ වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රැස් කරන ලද රුපියල් මිලියන 1,942,162 ක බදු ආදායම සමග සැසඳීමේ 2025 වසරේ නොවැම්බර් 17 දින වන විට බදු ආදායම රුපියල් මිලියන 2,002,241 ක් දක්වා වර්ධනය කර ගැනිම මගින් රාජ්‍ය මුල්‍ය තත්ත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමට තම දෙපාර්තමේන්තුව ප්‍රශංසනීය දායකත්වයක් සපයා ඇති බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

පවත්නා බදු නීතියට අනුගත වෙමින් රට වෙනුවෙන් හා රටේ පොදු මහජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් බදු ගෙවන ලද ගෞරවනීය බදු ගෙවන්නන්ටත් ඒ සඳහා විවිධාකාරයෙන් සහයෝගය ලබා දුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්ටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය කෘතඥතාව පළ කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැදෙන ගස්

නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW: අවුරුදු 15 න් පහළ...

ඔබාමාගේ මැතිවරණ ව්‍යාපාරයට කරන ලද නීති විරෝධී පරිත්‍යාග හේතුවෙන් ෆියුගීස් රැප් ගායක ප්‍රාස්ට වසර 14 ක සිර දඬුවමක් නියම කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ග්‍රැමී සම්මානලාභී...

ගෝල්ෆේස් අරගලය මර්දනය කළේ ප්‍රජාතන්ත්‍රවාදීවයි. අරගලයේ ඉල්ලීම් තුනම දුන්නා – රනිල්

සටහන - රුවන් නෙළුගොල්ල 2022 වසරේදී තමන්ගේ පාලනය තුළ ගෝල්ෆේස්...

පකිස්ථානය ඇෆ්ගන් සටන්කරුවන් 23 දෙනෙකු ඝාතනය කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පාකිස්ථානය විසින්...