නිශ්මං රණසිංහ නොවැම්බර් 21, කොළඹ LNW:
කටාර් හී පැවත්වෙන ආසියානු නැඟී එන කණ්ඩායම් අතර තරගාවලියේ සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත එම තරගාවලිය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළින්ම දස්කම් දක්වමින් සිටියා.එහෙත් එම දක්ෂතා සඳහා ජාතික කණ්ඩායමේම දොරටුව විවර කර දෙන්නට තීරණය කළා.ඒ, ඒ වන විට ක්‍රීඩා කිරීම සැක සහිතව සිටි වනිදු හසරංගගේ සෞඛ්‍ය ගැටළුව නිසා වියස්කාන්ත්ව භාවිතයට ගැනීමේ අරමුණ ඇතුවයි.එහෙත් වනිදු සුවය ලැබුවොත් ඔහුට දෙවන දඟ පන්දු යවන්නා ලෙස ක්‍රීඩා කිරීමට යොදා ගැනීමේ සූදානමක් නැති නිසා එයින් වියස්කාන්ත්ගේ දක්ෂතාවයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමටවත්,ජාතික කණ්ඩායමටවත් සේවයක් නොවිය හැකි බව අප මුලදීම සඳහන් කළා.ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලද සිම්බාබ්වේට එරෙහි තරගයේදි ඒබව කදිමට පිළිබිඹු වුණා.

පවන් රත්නායක ද එක්දින තරගාවලියේ ලැබුණු අවස්ථාවේ දක්වන ලද දස්කම් නිසා විස්සයි විස්ස තරගාවලියට ඇතුළත් කර ගැනීමට කටයුතු කිරීමේ අරමුණ ඔහු සම්බන්ධයෙන් සනත් ජයසූරියට මෙන්ම තේරීම් කමිටුවට ද එල්ල වෙන විරෝධතා මකා දැමීමද යන්නත් අපේ අවධානයට ලක් වුණා.එය ද ඒ ආකාරයෙන්ම සිඳු වුණා.ඒ වෙනුවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කරුණු වාර්තා කර පවන්ව කටාර් වෙත යැවීම සිඳු වුණානම් එය එම කණ්ඩායම ශක්තිමත් කිරිමට හේතුවක් වන්නට තිබුණා.

කණ්ඩායම අභ්‍යන්තරයේ අර්බූදයක් නිසා චරිත් අසලංකගේ නායකත්වය නැති තැන එයට දසුන්ම ගෙන ආ යුතු බව තීරණය වී ඇති බව ඇතැම් මාධ්‍ය මඟීන් වාර්තා වුණා.එය ඇත්තක් ද යන්න නොදන්නා නමුත් චරිත්ගේ සෞඛ්‍ය නරක අතට හැරී දසුන්ට නායකත්වය පැවරුණා.ඒ සමඟම යළි පරණ කුට්ටම අණන සේ පරණ ක්‍රීඩකයන්ම කණ්ඩායමට ඇතුළත් කරමින් දසුන් නායකත්වයේ සිටියදි සිටිය කණ්ඩායමට බොහෝ සමාන කණ්ඩායමක් ඔහුට ලබා දුන්නා.අලුත් මුහුණකට ගෙන ආවේ ඒෂාන් මාලිංග පමණයි.
අලුතින් පැමිණි ඒෂාන් මාලිංග හොඳින් පන්දු යවමින් සිය තෝරා ගැනීමට සාධාරණය ඉටු කළා.අලුතින් කණ්ඩායමට ආ යුතුව තිබුණු පවන් වෙනුවට කමිඳු මෙණ්ඩිස් සහ භානුක රාජපක්ෂ යොදවාගෙන තිබුණා.කමිඳු පන්දු 9 දී ලකුණු 9 ක් සහ භානුක පන්දු 18 ක් වැය කරමින් ලකුණු 11 ක් ලබා ගනිමින් තමාව කණ්ඩායමට ගෙන ඒම ගැන සාධාරණයක් කරන්න විශාල මහන්සියක් ගනු ලැබුවා.එහෙත් ඒ රටාව විස්සයි විස්ස ව්‍යහුයට නොගැලපෙන ලකුණුත් නොපැමිණි අසාර්ථක එකක් වුණා.

ශ්‍රී ලංකාව කඩුලු 3 ක් ලකුණු 25 ට දැවී යාමෙන් පසුව සම්පූර්ණයෙන් විස්සයි විස්ස ආකෘතියෙන් මිඳුණු බවක් පෙන් වූවා.තමන්ගේ නමට ලකුණු ගණනක් එකතු කර ගනිමින් පන්දු ඕවර් 20 තුළ සියල්ල දැවී යාම වළක්වා ගැනිම වෙනුවෙන් සටන් කරන බවත් පෙන් වුව ද,අවසානයේ සියල්ල ලකුණු 95 ට දැවී ගියා.දසුන් ශානක ක්‍රීඩකයෙකු වශයෙන් පන්දු 25 දී ලකුණු ලකුණු 34 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම ඉණිම ක්‍රීඩා කළ පිතිකරුවා බවට පත් වෙමින්.භානුක රාජපක්ෂ අපහසුවෙන් එකතු කර ගත් ලකුණු 11 සහ දසුන්ගේ ඉණිම හැරුණු විට අන් සියල්ලන්ම ලකුණු 10 අඩුවෙන් දැවී ගියා.
කාසියේ වාසිය දසුන් දිනා ගෙන සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කළා.එහි සාධාරණත්වය පිළිබිඹු කළ නුවන් තුෂාර පළමු ඕවරය තර්ජනාත්මකව ක්‍රියාත්මක කළත් දෙවන ඕවරයේදී මහේෂ් තීක්ෂණට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ස්ථාවර වීම ආරම්භ කළා.තීක්ෂණ පකිස්තානයේ දී පළමු වරට මෙම සංචාරයේ කඩුල්ලක් ලබා ගැනීමට සමත් වෙමින් ඊ ළඟ තරගයට ද ක්‍රීඩා කිරිමේ ඉඩ සකසා ගත්තා.
කෙසේ නමුත් වනිදු හසරංග ලකුණු 32 ට කඩුලු 3 ක් සහ ඒෂාන් මාලිංග ලකුණු 27 ට කඩුලු 2 ක් සමඟ සිම්බාබ්වේ ඉණිම යම් පාලනයකට නතු කර ගනිමින් පන්දු ඕවර් 20 නිමාවන තැනදී කඩුලු 8 ට ලකුණු 162 ක් ව නවතා ගන්නට හැකි වුණා.බ්‍රයන් බෙනට් පන්දු 42 දී ලකුණු 49 ක් ලබා ගත් අතර නිරන්තරයෙන්ම ලකුණු අතර සිටින සිකන්දර් රාසා මේ තරගයේදීත් පන්දු 32 දී ලකුණු 47 ක් ලබා ගන්නට සමත් වුණා.

ඉවසා සිටින්නට කියමින් සනත් ජයසූරිය සකස් කරමින් සිටින 2027 ඉලක්ක කර ගත් කණ්ඩායම තරුණ ජවසම්පන්න ක්‍රීඩකයන් කෙරෙහි යොමු කරන අවධානය ඉතා අඩු බව පෙනෙන්නට තිබෙනවා.තේරීම් කමිටුව කල්පනා කරමින් සිටින්නෙත් ඒ ආකාරයට බව පැහැදිළියි.කණ්ඩායමේ ව්‍යහුය සම්බන්ධයෙන් තේරීම් කමිටුව වගකිව යුතුයි.සනත්ට සහ නායකයාත් එම තේරීම්වලට දායක වෙනවා.එහෙත් මේ අසාර්ථකවීම් සම්බන්ධයෙන් එන විවේචන සෘජුවම යොමු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මේ පත්වීම් වගකිවයුතු නැහැ.අමාත්‍යවරයාගේ පත්වීම් හැටියට තමයි තේරිම් කමිටුව ක්‍රියාත්මක වන්නේ.එසේනම් ක්‍රිකට් ආයතනයේ බලපෑමක් එනවානම් තමන්ගේ පත්වීමේ බලධාරීත්වය පැවරෙන අමාත්‍යවරයාට ඒ බව දැණුම් දී තේරීම් කමිටුවට ඉවත්වීමේ හැකියාව තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නොනැමෙන බව නිතර කියන අමාත්‍යවරයෙක් සිටින නිසා ඒ සඳහා ඔහුට මැදිහත්වීමේ හැකියාවත් තිබෙනවා.පත්වීම් බලධාරියා ලෙස සහ ක්‍රීඩාව කරවන ආකාරය තමා හොඳින්ම දන්නා බවත්,කිසිඳු මාධ්‍ය ලියවිල්ලකින් එය පෙන්වා දීම අනවශ්‍යය බවත් පවසන අමාත්‍යවරයාට මේ වන විට කණ්ඩායමේ තේරීම් අර්බූදයට ගොස් ඇති බව තේරුම් යන්නට දැණුමක් ඇත්නම් ඔහු තේරීම් කමිටුවට කතා කර පරණ කූට්ටම එහාට මෙහාට කරනු විනා අලුත් ක්‍රීඩකයින් සොයා නොයන්නේ ඇයිදැයි විමසිය යුතුයි.එහෙත් ඒ දේ සිඳුවන්නේ නැහැ.
කෙසේ නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ද සිටින්නේ ජාත්‍යන්තර වශයෙන් වටිනා තරගාවලි දෙකකයි.මේ වන විට ගෙන ඇති තීරණ නිසා ඒ කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය තුළ හොඳින්ම පන්දු යවමින් සිටිය ක්‍රීඩකයා පකිස්තානයට ගෙනවිත් බංකුවක තබා තිබෙනවා.එසේම පිතිකරණයේ ඇති අඩුව මකා දැමිය හැකි අයෙකු ලෙස පවන් රත්නායකගෙන් ඒ කණ්ඩායමට හෝ ප්‍රයෝජනයක් නොගෙන පකිස්තානයේ බංකුවක හිඳවා තිබෙනවා.තරගාවලි දෙකම ජය ගැනිමේ සංයුතියක් සකස් කිරීම වෙනුවට සිඳු වී ඇත්තේ කණ්ඩායම් දෙකෙක්ම සංයුති ප්‍රබල කළ හැකි ආකාරය හීන කර දැමීමක් බවයි පෙනෙන්නට තිබෙන්නේ.කෙසේ වුවත් පුටුවෙන් අටුව සෑදීමට ගොස් අටුවත් පුටුවත් දෙකම අහිමි වීමේ අවදානමක සිටින ශ්‍රී ලංකා කළු්ඩායම එළැඹෙන තරගයේදී හෝ අළුත් වෙන්නට කලපනා කරයිද?අප බලා සිටිනවා.
පහතින් දැක්වෙන්නේ කාලයකට පසුව සිම්බාබවේ කණ්ඩායමට එරෙහිව ලද අන්තම පරාජයේ ලකුණු සටහනට පිවිසෙන මඟයි.
https://bit.ly/4i7y8Xi
