නාමල්ලාගේ “මහා ජන හඬ” ආණ්ඩු විරෝධී රැලිය අද නුගේගොඩදී

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව සංවිධානය කරන “මහා ජන හඬ” රැලිය අද (21) සවස 02.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් මෙම රැලිය සංවිධානය කිරීම සඳහා එක්ව සිටිති.

ජාතික ජන බලවේගයට බලයට පැමිණීම සඳහා දුන් මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට බලකරමින් මෙම රැලිය පවත්වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ.

මෙම රැලියට තමන් ද එක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පවසා තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...