ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW :

මේ වන විට ආපදා සහන සේවා කටයුතු වෙනුවෙන් රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන්කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා අවධාරණය කරයි.

ඊට අමතරව මුදල් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් එම මුදල ඉල්ලා සිටින ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන්ට දැනුම් දී තිබෙන බවද සඳහන් වේ.