මාධ්‍යවේදීන්ට පහරදුන් SSPගේ වැඩ තහනම්

Date:

පසුගිය 09 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී මාධ්‍යවේදීන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

මෙසේ පහරකෑමට ලක්වූයේ සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් පිරිසකි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාවය ආවරණය කරමින් සිටි මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට පොලීසිය පළමුව පහර දුන් අතර ඉන්පසු එම මාධයේවීදන් පිරීස රෝහල්ගත කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන් පිරිසකටද පහර දී තිබිණි.

මෙම ප්‍රහාරයෙන් සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

මෙම පහරදීම සම්බන්ධයෙන් සහ ප්‍රහාරය වැළැක්වීමට අසමත් වීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ල වූ අතර රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය යටතේ පොලිස්පතිවරයා විසින් අදාල නිළධාරියාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...