රනිල්ගෙන් තවත් ගේමක් – පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ සූදානමක් !

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි පවසමින් ජනතාව එල්ල කරන පීඩනය මායිම් නොකරමින් මේ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස නියෝග නිකුත් කරමින් සිටී. කෙසේ නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර නොමැති අතර වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී නොමැත.

මේ අතර කෙසේ හෝ ජනාධිපතිවරයා ලෙස පත්වීමට විවිධ උත්සාහයන් ගනිමින් සිටින වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම සඳහා උත්සාහ දරමින් සිටින බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින බවත්, ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය වෙමින් තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වූ වහාම රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...