අද ඉල්ලා අස් වෙනවාමයි, එතෙක් ඉවසා සිටින්න – ගෝඨාභය කතානායකට දන්වයි

මීට පෙර දැනුම් දුන් පරිදි තමාගේ ඉල්ලා අස්වීම අද දින අනිවාර්යෙන්ම සිදුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කතානායකවරයා වෙත දැනුම් දී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර රාජපක්ෂ මහතා දුරකතන මාර්ගයෙන් මේ බව තමා වෙත දැනුම් දුන් බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.

ඒ අනුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ ලබාදෙන බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

කතානායකවරයා වැඩිදුරටත් පවසන්නේ මීට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ පරිදි අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලිය 15 වැනිදා සිට ආරම්භ වන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...