ෆැසිස්ට්වාදීව කටයුතු කරන්න ඉඩ දෙන්න බෑ, මම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා – වැ.බ.ජ. රනිල්

Date:

මතුව ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ කුමන තත්වයක් යටතේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත යුතු බවයි. තමා පෙනී සිටින්නේ ඒ වෙනුවෙන් බවද ඔහු පවසනවා.

අරගලයේ නියුතු ඇතැම් පාර්ශ්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකා කටයුතු කළයුතු බවට යෝජනා කරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රටක එසේ කටයුතු කළ නොහැකි බවත්, ෆැසිස්ට්වාදීව කටයුතු කිරීමට ඉඩදිය නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා අද දිනය තුළ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කර ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස් වී නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ ක්‍රියාවලිය, පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ ආකාරයෙන්ම සිදුවන බවත් පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ එතෙක් රට ෆැසිස්ට්වාදය කරා යාමට ඉඩ නොදී සාමාන්‍ය තත්වයෙන් පවත්වාගෙන යාම තමාගේ වගකීම බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පීඩාවට පත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබිලා නෑ – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : රජය ආපදාවෙන් පීඩාවට...

විපක්ෂයේ අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ආපදාවත් සමඟ...

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි !

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ ජලාශ වාන් දැමීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර යළි වර්ෂාව ඇද හැලීමත් සමඟ...