පාර්ලිමේන්තුව වැටලුවොත් මොකද වෙන්නෙ ? වහාම අගමැති ඉවත් කරන්න – පක්ෂ නායකයන් කතානායකගෙන් ඉල්ලයි

0
2509

අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

මතුව ඇති අර්බුදය තවදුරටත් උග්‍ර වීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතු වූ බව පෙන්වා දී ඇති පක්ෂ නායකයන්, වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ එසේ වුවහොත් අරගලකරුවන් පාර්ලිමේන්තුවද වැටලිය හැකි බවයි. එම අනතුරෙන් ගැලවීමට නම් අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීම අනිවාර්ය බවද පක්ෂ නායකයන් ප්‍රකාශ කර තිබේ.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා අගමැතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස පක්ෂ නායකයන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

UN