පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට – ගෝඨාභය සිංගප්පූරුවට යාමට සූදානම් !

Date:

මේ වනවිට පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනේ, මාලේ අගනුවර ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ. මේ වනවිට මාලේ අගනුවර රැඳී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එම ජෙට් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව යාමට සූදානමින් සිටී.

සිය බිරිඳ සහ ආරක්ෂකයන් දෙදෙනකු සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින වෙත ගොස් තිබුණේ වෙනත් රටකට පිටත්ව යාමේ අරමුණෙනි. මාලදිවයිනෙන් පිටත්වීම සඳහා ජෙට් යානයක් ලබාදෙන ලෙස රාජපක්ෂ මහතා මාලදිවයින් බළධාරීන්ගෙන් ඉල්ලා තිබූ අතර පෞද්ගලික ජෙට් යානයක් මාලේ ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙන්නේ ඒ අනුවයි.

සිංගප්පූරුවට ගොඩබැසීමෙන් අනතුරුව අද පස්වරුවේ රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...