රට තවත් ලිබියාවක් නොකර ඉල්ලා අස් වෙන්න – ස්වාධීන පක්ෂ එකතුව රනිල්ගෙන් ඉල්ලයි

Date:

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවකාශ සලසමින් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ස්වාධීන පක්ෂ එකතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටිනවා. එම පක්ෂ එකතුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටී.

ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා දැක්වූ මහජනතාව මේ වනවිට පාර්ලිමේන්තුව ඉලක්ක කර ගනිමින් විරෝධතා උත්සන්න කරමින් සිටින බව පෙන්වා දෙන ස්වාධීන පක්ෂ එකතුවේ සාමාජිකයන් අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුවේ පැවැත්මට එල්ල කරන තර්ජනය ජනතා පරමාධිපත්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවයි.

අරාජිකත්වය හා ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව මානව ආපදාවක් කරා සීග්‍රයෙන් ගමන් කරමින් සිටින බවත්, එසේ වුවහොත් එය විදෙස් හමුදාවකට දොරටු විවෘත කිරීමක් බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ලිබියාවට බවට පත්වීමට ඉඩ නොතබා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස් වී සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩකඩ සලසන ලෙස ස්වාධීන පක්ෂ එකතුව අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...