සියළු රාජ්‍ය සේවා අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW: අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් නොවූ සියළු රාජ්‍ය සේවා අද (01) දිනයේ සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි.

අයහපත් කාල ගුණය හේතුවෙන්, අත්‍යවශ්‍ය සේවා හැර, රාජ්‍ය අංශයේ අනෙකුත් සේවා සදහා පසුගිය සිකුරාදා දිනයේ දී නිවාඩු ලබා දී තිබුණු අතර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ‘අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයක්’ ස්ථාපිත කිරීමට ද කටයුතු කර තිබේ.

ආපදා කළමනාකරණය කිරීම මේ වන විටත් ක්‍රියාත්මක අතර ජන ජීවිතය කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට රජය අපේක්ෂා කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරේ ලොව අංක එකේ සංචාරක ගමනාන්තය: බාලි දූපත

රෂිකා හෙන්නායක ජනවාරි 19 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රිප්ඇඩ්වයිසර් (TripAdvisor)...

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....