නිශ්මං රණසිංහ දෙසැම්බර් 01, කොළඹ LNW:
වේල්ස් ජාත්‍යන්තර විවෘත බැඩිමින්ටන් සූරතාවලියේ කාන්තා අනු සූරතාවය දිනා ගන්නට රනිත්මා ලියනගේ සමත් වුණා.ඇය අවසාන තරගයේදී ඔස්ට්‍රියානු ක්‍රීඩිකා ෂු වෙයි වෙතින වට 2-1 ක පරාජයක් ලැබුවා.30 හැවිරිදි ෂු සමඟ අවසන් සටන විනාඩි 57 ක් පුරා පවත්වාගෙන ගිය 18 හැවිරිදි රනිත්මා පරාජය ලැබුවේ ලකුණු 16 – 21,21 -10 සහ 21 – 19 ක් ලෙසයි.
රනිත්මා මේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් හී දෙවැන්නියව සිටියද,ඇයට වඩා අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් තරගාවලිය නියෝජනය කළ අතර මේ තරගාවලියට අදාළ ශ්‍රේණිගත කිරීම් හී අංක එකට සිටි බල්ගේරියාවේ ස්ටෙෆ්නි ස්ටෝඑවා අවසන් පූර්ව තරගයේදී පරාජය ලැබුවේ ද රනිත්මා අවසාන තරගයේදී පරාජය ලැබූ ෂූ වෙයි අතින්ය.ෂූ ට රනිත්මාව ජය ගන්නට විනාඩි 57 ක් දරා සිටින්නට සිඳු වුව ද,ස්ටෙෆ්නි අභිබවා යන්නට ෂූ ගත කළේ විනාඩි 54 ක කාලයක් පමණි.

රනිත්මා සැළසුමකට අනුව සිය ශ්‍රේණිගත කිරීම් හී ඉදරියට යාම සඳහා ජාත්‍යන්තර තරග තෝරා ගනිමින් තරග වඳිමින් සිටින අතර ඇය දිලුක කරුණාරත්නගේ නව පුහුණු ක්‍රමවේද යටතේත්,නිලූක කරුණාරත්නගේ කළමණාකාරිත්වය යටතේත්,විශේෂයෙන් රොහාන් ද සිල්වා විසින් දක්වන අනුග්‍රාහකත්වය යටතේත් ස්වීය ක්‍රීඩාවේ ජයග්‍රාහී වර්ධනයක් පෙන්නුම් කරමින් සිටින අතර වේල්ස් ජාත්‍යන්තර ජයග්‍රහණය ද ඊට නිදසුනකි.

