මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW :

පසුගිය දවස්වල සිදු වූ ජල ගැලීම් හේතුවෙන් අපද්‍රව්‍ය පිරුණු නිවාස පිරිසිදුකරගැනීම සඳහා රජය ලබාදීමට තීරණය කළ රුපියල් දසදහසක මුදල, රුපියල් 25,000 දක්වා ඉහළ ද දැමීමට තීරණය කර ඇති බව , මුදල් අමාත්‍යාංශය එම තීරණය ගත් බව එහි ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටී.

 මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වැඩි දුරටත් කියා සිටියේ,

“ආපදා තත්ත්වය නිසා විපතට පත්වෙලා තියෙන ජනතාවට අවශ්‍ය කරන සහනය කඩිනමින් සලස්වාදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉල්ලීමක් කරලා තිබුණා. අවශ්‍ය කරන ප්‍රතිපාදන සැලසීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදෙන ලෙස ඒ අනුව මේ විපතට පත්වෙලා ඉන්න ජනතාවට කඩිනමින් තම තමන්ගේ නිවාස වෙත ගිහිල්ලා අවශ්‍ය කරන පිළිසකර කිරීමේ කාර්ය හැකි විදිහට ආරම්භ කරවා ගැනීම සඳහා මුලින් ඉල්ලා සිටි රුපියල් 10,000ක මුදල වෙනුවට රුපියල් 25,000ක් මුදලක් දෙන්න මුදල් අමාත්‍යාංශය විසින් අපි අනුමැතිය දුන්නා.ඒ අනුව ලබාදෙන සමස්ත මුදල රුපියල් මිලියන හත්දහස් පන්සීයක් එය කඩිනමින් ලබාදෙන්න කියලා කිව්වා. ඒ වගේම මේ දක්වා ආපදාවකට පත්වෙලා ඉන්න පවුලකට අපි ගෙවන්න සූදානම් වෙලා හිටියේ රුපියල් 3,600ක මුදලක් පවුලේ සාමාජිකයින් අනුව, එම මුදල  මේ වෙනකොට රුපියල් 10,500 දක්වා එක පවුලකට ගෙවන මුදල වැඩිකරලා තියෙනවා”  ලෙස කියා සිටියේය.

  
 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...