ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:රටට සවියක් දුම්රියට ජවයක් නමින් ආපදාවට ලක් වූ දුම්රිය සේවා යළි ගොඩනගන ස්වේච්ඡා ශ්‍රම මෙහෙයුම අද (03) දින ආරම්භ කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මූලස්ථානයෙන් මෙම ශ්‍රම මෙහෙයුම සඳහා ස්වේච්ඡා බලකාය පිටත්වීම සිදුවූ අතර බුත්ගමුව, යත්තල්ගොඩ, මීරිගම, ගනේවත්ත යන දුම්රිය ස්ථාන ප්‍රථම අදියර යටතේ මෙම ශ්‍රම බලකාය මගින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කිරීමට නියමිතයි.
අද දින සිට දින තුනක් සියයකට අධික මෙම ශ්‍රම බලකාය තම කාර්යයන් සිදුකොට ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග සහ ස්ථාන යථාවත් කරමින් නැවත දුම්රිය ධාවනයට සුදුසු පරිසරයක් සකස් කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
මෙම අවස්ථාවේදී දුම්රිය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී. විතානගේ මහතා සඳහන් කළේ දුම්රිය සේවකයින් සුනාමියට ලක් වූ දුම්රිය මාර්ග දින පනස් හතකින් නිමකර තමන්ගේ හැකියාවන් පෙන්වා ඇති බවත් මෙම ආපදාවට ලක් වූ දුම්රිය මාර්ගද නැවත ප්‍රතිසංස්කරණය කිරීමට එවැනි ශක්තියකින් යුත් කණ්ඩායමක් ඔවුන් සතුව සිටින බවයි.
ඔවුන්ගේ කැපවීම තුළින් නැවත ඉතා ඉක්මණින් දුම්රිය මාර්ග සහ දුම්රිය ස්ථාන සකස් කොට ජනතාවට ගමන් කිරීමට හැකි ආකාරයට දුම්රිය සේවය සක්‍රීය කිරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.
පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදා හමුවේ වැඩිම යටිතල පහසුකම් ප්‍රමාණයක් හානි වී තිබුණේ දුම්රිය දෙපාර්තමේන්තුව පැත්තෙනි.
ඒ ආණූආ මේ වන විටත් දුම්රිය ධාවනය නිසි පරිදි සිදුකිරීමට නොහැකි වී තිබෙන අතර උඩරට දුම්රිය මාර්ගය සිත ගත නොඅහ්කි ලෙස ආපදා හේතුවෙන් විනාශ වී තිබේ.
කෙසේවෙතත් මේ වන විටත් සියලුම අංශ වලින් හානියට පත් යටිතල පහසුකම් යළි යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මහා මාර්ගද ක්‍රමයෙන් ගමනාගමනයට විවෘත වෙමින් පවතියි.
