රෂිකා හෙන්නායක දෙසැම්බර් 04, කොළඹ LNW :
නැවතත්, අධ්වේගී මාර්ග පද්ධතියේ ගමන් ගන්නා සියලුම වාහන වලින් පෙර පරිදි මුදල් අය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.
ඉකුත් 27 වෙනිදින සිට, දිට්වා සුළි කුනාටුව හේතුවෙන් පැවති අයහපත් කාලගුණය මත අධිවේගී මාර්ග පද්ධතියේ සියලුම මාර්ගයන්හි ධාවනය වු වාහන සඳහා ගාස්තු අය නොකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබුණි.
ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය, කටුනායක කොළඹ මාර්ගය, මධ්‍යම අධිවේගී මාර්ගය, සහ දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව යන සියලුම මාර්ග වල ගමන් ගන්නා වාහන සඳහා පවතින අයහපත් කාලගුණ තත්වය පහව යනතුරු නොමිලේ ගමන් පහසුව සලසා දී තිබූ අතර ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට එම පහසුකම අත්හිටුවා තිබෙන බව වාර්තා වේ.