වාසුලාගේ කැමැත්තත් ඩලස්ට !

Date:

ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

සාම්ප්‍රදායික බෙදීම්වලින් තොරව සර්වපාක්ෂික එකගතාවයකින් යුක්ත වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති තනතුරට පත්කර ගැනීම සුදුසු වන බවත්, සියලු පක්ෂවල සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා වඩාත් සුදුසු පුද්ගලයා ඔහු බවත් වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරනවා.

කෙසේ නමුත් නානායක්කාර මහතා නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් මේ දක්වා නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත. බොහෝදුරට ඔවුන් සියලුදෙනාගේ සහයෝගය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...