රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :
මේ වනවිට ‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක් ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා කියා සිටී.
ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බව, මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පැවසීය.
එමෙන්න ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ක්‍රියාත්මක විදෙස් මුදලින් තැන්පත් කළ හැකි ගිණුම් හරහා මෙම අරමුදලට රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇති බවද කියා සිටී.
මෙම මුදල් රටවල් 33කින් අදාළ ගිණුම්වලට ලැබී ඇති අතර, ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 700කට ආසන්න බව ලැබී ඇති බව භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව දැන්වූ බව සූරියප්පෙරුම මහතා වැඩිදුරටත් කියා සිටියේය.
විදෙස්ගත ශ්‍රමිකයන් 19,000කට අධික පිරිසක් මුදල් බැර කර තිබුණි. (පෙරේදා (02) වන විට)
