‘Rebuilding Sri Lanka’ අරමුදලට හුණුපිටිය ගංගාරමයෙන් රු. මි. 30ක මූල්‍ය පරිත්‍යාගයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW :

ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේදී මෙන්ම ආපදාවට ලක් වූ දිවයින පුරා විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීම සඳහා විදේශ බෞද්ධ විහාරස්ථානවල සහාය ලබා ගැනීම සම්බන්ධීකරණය වෙනුවෙන් සහාය ලබා දෙන බව හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ඇත.

ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී , උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට සිය දායකත්වය සපයමින් කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානය රුපියල් මිලියන 30ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබෙන අතර, ගංගාරාම විහාරස්ථානය සමග සමීපව කටයුතු කරන දෙස්, විදෙස් කණ්ඩායම්වල සහයෝගය ඉදිරියේදී මෙම අරමුදලට ලබා දීමට කටයුතු කරන බව මෙහිදී සඳහන් කළ පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියෝ මෙම අසීරු අවස්ථාවේ ජනතාවට සහන සලසමින්, රටට නිවැරදි නායකත්වයක් ලබා දීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කර තිබේ.

රටත්, ජනතාවත් අසීරුතාවට පත් වු සෑම මොහොතකම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පෙරට පැමිණ කටයුතු කළ අන්දම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේදීද ලබා දෙන දායකත්වයද කෘතවේදීව අගය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...