කොවිඩ් වලින් මඟහැරුණු ඩෙංගු – ඩෙංගු රෝගීන්ගෙන් 30%ක්ම කොළඹින් (VIDEO)

Date:

කොවිඩ් වෛරසය තවදුරටත් සමාජයේ පවතින අතරම ඩෙංගු රෝගයේද දිවයින පුරා වැඩි වීමක් දක්නට ලැබෙන බවත් මෙහිදී විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල විශේෂ වැඩි වීමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේය.

ඒ,අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

විශේෂයෙන් ඩෙංගු රෝගය ද ළමයින් අතර වාර්තා වීම වැඩි වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් 30%ක පමණ රෝගීන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් දැනට 28%ක් පමණ ප්‍රතිශතයක් වාර්තා වී ඇති බවයි ඔහු කියාසිටියේ.

මෙතෙක් ලංකාව තුළ පැවතියේ ඩෙංගු 2 ප්‍රභේදය වන අතර දැන් එහි 3 වන ප්‍රභේදය ද වාර්තා වී ඇති හෙයින් පාසල් තුළ මෙන්ම නිවෙස් අවටද ජලය එක් රැස්වන ස්ථාන පිරිසිදු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.

දින දෙක තුනකට වඩා වැඩි කාලයක් උණ රෝගය තිබුණද කොවිඩ් වලට පවතින බිය නිසා රෝහල් ගත නොවන තත්ත්වය තුළ ඩෙංගු රෝගීන් මිය යාම් වැඩි විය හැකි බවත් කොවිඩ් වලට ප්‍රතිශක්තිකරණයක් පැවතියත් ඩෙංගු වලට එලෙස ප්‍රතිශක්තිකරණයක් නොපවතින නිසා ආරම්භයේදීම හඳුනාගත හොත් නිසි ප්‍රතිකාර මඟින් මාරාන්තික වීම වළක්වා ගත හැකි බවත් දීපාල් පෙරේරා මහතා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : මෙරට සංචාරයක නිරත...

ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW : ඒ. එම්. ජී....

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!

කොළඹ LNW:මෙරට කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහාය වෙන්නැයි විපක්ෂ නායක...

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...