රනිල්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ නාගානන්දගේ පෙත්සම නිශ්ප්‍රභ කෙරේ

Date:

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනුකර තිබුණු පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියම කළේය.

ඒ, එම මූලික අයිතිවාසිකම් පෙත්සම ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මහමැතිවරණයට තරග කර පරාජයට පත්වූ පුද්ගලයෙකුට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්විය නොහැකි බව පවසමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙම පෙත්සම ගොනුකර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙල්ෆ්ට් දකුණු මුහුදේදී නීතී විරෝධී ද්‍රව්‍ය රැසක් නාවික හමුදා භාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: දෙසැම්බර් මස 03 වැනි...

උඩරට දුම්රිය මාර්ගය ගොඩදාන්න දැඩි වෑයමක! (PHOTOS)

කොළඹ LNW:අයහපත් කාලගුණික තත්වය නිසා වැඩිම හානියක් සිවූ උඩරට...

ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ ලිපි ශීර්ෂ සකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05 , කොළඹ LNW : පානදුර ප්‍රදේශයේ...

විපක්ෂයේ ඉන්න පිස්සෝ ටිකක් බිල්ලෝ මවන්න හදනවා.ඒවාට අහුවෙන්න එපා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විපක්ෂයේ සිටින පිස්සන් කණ්ඩායමක්...