*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

රොකට් මමී ගේ රත්තරන් දිවිල්ල

මෙරව ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ රන්,රිදී සහ ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ඇමෙරිකාව සෝදා ගත් ආකාරයටම,එම කාන්තා ඉසව්වේ රන්,රිදි,ලෝකඩ පදක්කම් ත්‍රිත්වයම ජැමෙයිකාව සතු කර ගත්තා.ෂෙලී ඈන් ප්‍රෙෂර් – ප්‍රයිස්,සෙරිකා ජැක්සන් සහ එලනි තොම්සන් – හේරා අතර එම ස්ථාන තුන බෙදී ගියා.

මේ අතරින් රොකට් මම් ලෙස විරුදාවලි ලත් ෂෙලී ඈන් ප්‍රෙෂර්නව ලෝක මලල ක්‍රීඩා සූරතා වාර්තාවක් සමඟින් කර ලා ගත් රන් පදක්කම ලෝක මලල ක්‍රීඩා සූරතාවලියක ඇයට හිමි වූ 11 වැනි රන් පදක්කමයි.ඊට අමතරව ඇය රිදි පදක්කම් දෙකක්ද ලෝක මලල ක්‍රීඩා සූරතාවලියෙන් දිනා තිබෙනවා.36 හැවිරිදි ෂෙලීගේ වේගය ගැන ලෝකය දැඩිව අවධානය යොමු කළේ 2008 බීජීං ඔලිම්පික් උළෙලේ මීටර් 100 ජය ගැනීමත් සමඟයි.ඒ වන විට 22 හැවිරිදි වියේ පසු වූ ෂෙලී තවමත් සිය වේගය ලෝකය ජය ගැනීමට හැකි මට්ටමෙන් නඩත්තු කරමින් සිටින දහ හතරවන වසර මෙයයි.එය සාමාන්‍යයෙන් විශ්වාස කළ නොහැකි තත්ත්වයක් වුවත් ඇය මෙන්ම රටේ මලල ක්‍රීඩාව නඩත්තු වන ආකාරයත් එයට හේතු විය හැකියි.

ෂෙලි සමග 2008 දී ලෝකයම මවිත කළ උසෙයින් බෝල්ට් 2008 දි ජැමෙයිකානු කෙටි දුර ආධිපත්‍යය ලෝකය ඉදිරියේ විශ්මිත ආකාරයෙන් ප්‍රදර්ශනය කළහ.ඒ කණ්ඩායමේ සාමාජිකයෝ ලෝකයේම දෑස් කෙටි දුර දිවීමේ දක්ෂයන්ගේ දේශය හැටියට ජැමෙයිකාව හඳුන්වන්නට අවශ්‍යය අක්ත පත්‍රය ලියා තැබූහ.නමුත් ජැමෙයිකාව මේ විශ්මය පිණිස වූ උන්මාදය සැකසූ මුල්ම ජැමෙයිකානු ක්‍රීඩිකාව අදටත් ගෞරව බහුමානයෙන් අගයා කින්ග්ස්ටන් අගනුවර තබා ඇත.ධාවනයට නැත්නම් ක්‍රීඩාවට කෙතරම් කීර්තියක් ඉපයිය හැකිද යන්න ඉඟි කරන ක්‍රීඩා සංස්කෘතියක් ඇති රටක ක්‍රීඩක පිළිම කපුටන්ට වසුරු හෙළන්නට පමණක් නොවේය.අනාගතය හැඩ ගස්වන්නට දිරි දෙන මඟ කියන වීර වෘතාන්තය.ඒ ආකාරයෙන් කින්ග්ස්ටන් නුවර ඇගේ උසටම ජීවමාන කර ඇති වීරවරිය මර්ලින් ඔටේය.නමුත් මීටර් 100 ඉසව්ව සඳහා පළමුවරට ජැමෙයිකාවට ඔලිම්පික් රන් පදක්කමක් දිනා දෙන්නී ෂෙලීය.

එවැනි සමාජ පසුබිමක හැදෙන ඈන් ගේ නො’උස් සිරුර කුඩා කාලයේ සිටම දැවන්තයන් අභිබවා හා පැටික්කියකගේ පිමි මෙන් වේගවත්ව ඉදිරියට ඇඳෙන විදිහේ අපූරුව ජැමෙයිකානු ආශිර්වාදයක් ලෙස එරට හඳුනා ගත්තේය.ඕරන් ප්‍රෙෂර් සහ මැක්සීන් සිම්ප්සන්ට දාව මෙලොව එළිය දකින ෂෙලී ට වීදි වෙළෙන්දියක වූ අම්මාගේ ආභාෂය ජානමය තිළිණයක්ව ලැබෙන්නට ඇත.විවිධ හේතුන් නිසා නඩත්තු නොවුණ ද ඇයට ද ධාවන ජීවිතයක් සහ ඊට සුදුසු හැකියාවක් තිබී ඇත.කුඩාම අවසියේ සිට එය මතුවට දිස්නය දෙන හැකියාවක් බවට ඉඟි සැපයූ ෂෙලීගේ දස්කම් වඩාත් නිශ්චිත පාරකට වැටුණේ ඇය වොල්මර් ස් උසස් බාලිකාවට ඇතුළත් වූ පසුවය.
ෂෙලී විසිවැනි වියේදී උසස් අධ්‍යාපනය සඳහා ජැමෙයිකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට අතුළත්වීමෙන් පසු එහිදි හමුවන ස්ටීවන් ෆ්‍රැන්සිස් නම් වූ පුහුණුකරු ඇයගේ ධාවනයට ජාත්‍යන්තර විටිනාකමක් එකතු කළේය.මීටර් 100 ලෝක වාර්තාලාබියෙකුව සිටි අසාෆා පවෙල් වැන්නන්ට මඟ කියා දුන් සටීවන් යටතේ ඇය 2006 දී ඇරඹු ගමණේ 2020 තෙක්ම රැඳුණාය.වර්ථමානයේ ඇයගේ පුහුණුකරු රෙනාල්ඩෝ වෝල්කොට් ය.

ජේසන් ප්‍රයිස් සමඟ විවාහ වි සිටින ෂෙලීට එක් පුතෙකි.මව් පදවියෙන් පුස ද නොවෙනස්ව වේගයෙන් අනෙකුන්ට පෙර ජය කණුව පසු කරන්නට ඇති ඇයගේ හැකියාව නිසාම පුතු ෂියෝන් ප්‍රයිස්ගේ පැමිණිමෙන් ඉනික්බිති ඇයට නමක් පට බැදිණි.ඒ රෙකට් මමී යන්නය.සැබවින්ම ඇය දිග කාලයක් එකම වේගයක් නඩත්තු කරන සහ ජයග්‍රහණය ලබන තැනත්තියක් නිසා ඒ නම අපූරුවට ගැලපෙන්නේය.මාසිකව ශුද්ධ ආදායම ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක් පමණ උපයන්නියක වන ෂෙලී ඈන් ප්‍රෙසර් – ප්‍රයිස් සිය ජීවිතයේ මුඛ්‍ය පාඨය බවට පත් කර ගෙන ඇති අපූරු වැකියකි.

“යමෙක් එන තැන අදාළ නැත.අපි සැවොම එකම අරගලයක පැටලී සිටින්නෙමු.මගේ ආරම්භයද එබඳුය.”
නමුත් ඇය අරගලය ජයගෙන ඇත.ආරම්භයට වඩා අවසානය වෙනස් කර ගන්නට හැකියාව භාවිතා කළ හැකි බව ඇය ඔප්පු කර අවසන්ය.ඒ නිසාම ආරම්බයට වඩා සුබවාදී ජයග්‍රාහී අවසානයකින් තමන්ගේ ජීවිතය නිරවුල් කරගන්න ඔබ කල්පනා කරන්නේ ද? ෂෙලි ඈන් ප්‍රෙෂර් – ප්‍රයිස්, ඔබ කියවියම යුතු චරිතයකි.

PM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan