ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක් ආරම්භ විය.

ආපදාවෙන් විපතට පත් සියලු දෙනාට යම් සහනයක් ලබා දීම අරමුණු කර ගෙන මෙම මධ්‍යස්ථානය ආරම්භ කර තිබෙන අතර රජයෙන් ජනතාව වෙත ලබා දෙන ආධාර නොදැනුවත්කම, දේශපාලන කාරණා ආදී හේතු නිසා නොලැබී යාමේ තත්ත්වයක් පවතින නිසා මෙවැනි ගැටලු පවතින අයට එම ගැටලු ඉදිරිපත් කිරීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ආරම්භ කළ බවත් මේ මධ්‍යස්ථානය මඟින් ආධාර නොලැබුණු පාර්ශ්වයන් සහ රාජ්‍ය පාර්ශ්වයන් ඇතුළු ස්වේච්ඡා සංවිධාන සම්බන්ධීකරණය කිරීම ද සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් ප්‍රසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දෙන සහන චක්‍රලේඛයක් ඇති නිසා එම චක්‍රලේඛ නිරීක්ෂණය කර ප්‍රතිලාභීන් සහ සංවිධාන ජාල එකිනෙක සම්බන්ධ කර සහන කටයුතු විධිමත්ව ලබා දීමට මැදිහත්වීමක් සිදු කළ යුතු බවත් ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී සහ ආපදා කළමනාකරණ නිලධාරින්ගේ නිර්දේශ මත පමණක් ප්‍රතිලාභ අදාළ පාර්ශ්වයන්ට ලැබිය යුතු වුවත් සමහර අය දේශපාලනීකරණය වූ කමිටුවල නිර්දේශ ද සහන ලබා ගැනීමට අවශ්‍ය බවට කියන බවත් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

සමාජ සේවා අමාත්‍යාංශය යටතේ සමාජ ප්‍රතිලාභ පනතක් ඇති අතර කිසිම අයකුට ආකාර දෙකකට සැලකීම මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝනය කිරීමක් වන් හෙයින් මේ ගැන ජනතාවට අවබෝධයක් නොමැති නිසා ඔවුන්ට ඒ දැනුම ලබා දීමට ද කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා, කාවින්ද ජයවර්ධන මහතා, හර්ෂණ රාජකරුණා මහතා, ජේ. සී. අලවතුවල මහතා ඇතුළු පිරිසක් එක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...