” ප්‍රතිෂ්ඨා” නමින් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නව වැඩ පිළිවෙලක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW :

” ප්‍රතිෂ්ඨා” නමින් අධ්‍යාපන අමාත්‍යංශය නව වැඩ පිළිවෙලක් ආරම්භ කර ඇත. ඒ, ආපදාවෙන් හානියට පත් පාසල් ප්‍රතිසංස්කරණය කිරීමේ නව වැඩපිළිවෙලකි.

පාසල් පද්ධතිය යළි ගොඩනැගීමේ කාර්යයට ඕනෑම සංවිධානයකට, කණ්ඩායමකට හෝ පුද්ගලයෙකුට දායක විය හැකි බව, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය සියලු සම්බන්ධීකරණයන් අධ්‍යාපන අමාත්‍යංශය හරහා සිදු කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ලේකම්වරයා පැවසීය.

1988 දුරකථන අංකයෙන් ඒ සම්බන්ධයෙන් තොරතුරු විමසිය හැකි බව, ඔහු සඳහන් කළේය. 07765 823 65 හා 071 99 323 25 යන WhatsApp අංක දෙකක්ද ඒ සඳහා හඳුන්වා දී ඇත.

අධ්‍යාපන අමාත්‍යංශයේ ආපදා මෙහෙයුම් කමිටුව මගින් එම කටයුතු සම්බන්ධීකරණය කරනු ඇත. ආපදා තත්ත්වයෙන් දිවයින පුරා පාසල් 1506 කට අධික සංඛ්‍යාවකට හානි වී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. වැඩිම පාසල් සංඛ්‍යාවකට හානි වී ඇත්තේ උතුරු පළාතේ ය.එම සංඛ්‍යාව 330 කි.

බස්නාහිර පළාත් පාසල් 266 කට, මධ්‍යම පළාතේ පාසල් 136 කට හා සබරගමුව පළාතේ පාසල් 115 කට හානි සිදුව ඇත. නැගෙනහිර පළාතේ හානියට පත් පාසල් සංඛ්‍යාව 221කි.

අමාත්‍යංශය සඳහන් කළේ , වයඹ පළාතේද පාසල් 136 කට හානි සිදුව ඇති බවය. ඌව පළාතේද  පාසල් 129 කට හානි සිදුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...

ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සිදු වූ...