මාරක අනතුරක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

සුඛෝපභෝගි බස් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකෙනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදු ව ඇත.

ඒ, වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයයට අයත් තෙලුල්ල ප්‍රදේශයේ දීයි.

එම අනතුරෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර , පසුව යතුරුපැදිකරු මියගොස් ඇති බව වාර්තා වේ..

මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිදෙකක් වන තරුණයෙක් වන අතර ඔහු සිය මිතුරා සමග තිස්සමහාරාම සිට කරදගොල්ල ප්‍රදේශයේ සුරතල් බලු පැටවෙකු මිලදී ගැනීම සදහා යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙන බව වාර්තා වේ.

කුඩාඔය පොලිසිය පවසන්නේ, තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා, යතුරු පැදියේ පසුපැදිකරු සහ මෝටර් රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් කාන්තාවක සිටින බවයි.

මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරුට හේතුව බව මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර , අනතුර සම්බධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...