කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන වැඩිදුර විමර්ශණ සිදු කෙරෙන සංවිධානාත්සක අපරාධකරුවකු බව කියන , කෙහෙල්බද්දර පද්මේ යන අයට අයත් බව කියන, ගිනි අවියක් සහ පතරොම් සොයා ගත් බව පොලීසිය පවසයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත සැකකරුට අයත් ගිනි අවියක් සහ පතරොම් සඟවා ඇති බවට තොරතුරු හෙළි කර ගැනුණ බව වාර්තා වේ.

විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු භාරයේ මෙම අවිය සහ පතරොම් මෙරට සගවා ඇති බවට හෙළිව තිබුණ අතර, පොලීසිය විශේෂ කාර්ය බලකායේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදු කළ බව සඳහන් වේ.

පොලීසිය සඳහන් කළේ, එඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර මෙම ගිනි අවිය ටී 56 ජීව පතරොම් 267 ක් සහ එම අවි සඳහා යොදන පතරොම් ගැබ් දෙකක් සොයා ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවන්හි නවතම තත්ත්වය. නිවාස 13,781ක් සම්පූර්ණයෙන් විනාශයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා...

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...