කෙහෙල්බද්දර පද්මේ හෙළි කල රහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW :

රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන වැඩිදුර විමර්ශණ සිදු කෙරෙන සංවිධානාත්සක අපරාධකරුවකු බව කියන , කෙහෙල්බද්දර පද්මේ යන අයට අයත් බව කියන, ගිනි අවියක් සහ පතරොම් සොයා ගත් බව පොලීසිය පවසයි.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත සැකකරුට අයත් ගිනි අවියක් සහ පතරොම් සඟවා ඇති බවට තොරතුරු හෙළි කර ගැනුණ බව වාර්තා වේ.

විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු භාරයේ මෙම අවිය සහ පතරොම් මෙරට සගවා ඇති බවට හෙළිව තිබුණ අතර, පොලීසිය විශේෂ කාර්ය බලකායේ ද සහාය ඇතිව මෙම වැටලීම සිදු කළ බව සඳහන් වේ.

පොලීසිය සඳහන් කළේ, එඩේරමුල්ල සිට කොළඹ නුවර මාර්ගය දක්වා ඇති අතුරු මාර්ගයේ තාවකාලිකව ඉදිකළ කාමරයක් පරීක්ෂා කර මෙම ගිනි අවිය ටී 56 ජීව පතරොම් 267 ක් සහ එම අවි සඳහා යොදන පතරොම් ගැබ් දෙකක් සොයා ගත් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...