බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Date:

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට සැපයූ එන්නත් 10ක් මේ වනවිට භාවිතයෙන් ඉවත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශෙෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඇතුළු පිරිසක් විසින් ඊයේ (18) දිනයේදී මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

ගිය සිකුරාදා දිනයේදී ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත රෝගීන්ට ලබාදීම අත්හිටුවීමට නියම කළාට පසුවත් එය රෝගීන්ට ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙරේදා පැවති මාධ්‍ය හමුවේදී පිළිගෙන ඇති බවයි විශෙෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා එහිදී සඳහන් කළේ.

මෙම එන්නත භාවිතයෙන් පසු රෝගීන් දෙදෙනෙකු මියගොස් ඇති බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ මරණවලට හේතුව මෙම එන්නතදැයි සොයාබැලීම සඳහා විමර්ශන දෙකක් ආරම්භ කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැල්පිට තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජනවාරි 06, කොළඹ LNW: රිමාන්ඩ් භාරයට පත්කර සිටින...

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...