සටහන : සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ පැල්මයිරා නගරයේ දී ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙකු සහ පරිවර්තකයෙකු ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් එක්සත් ජනපදය සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජනපද ප්‍රහාර හේතුවෙන් මියගිය හෝ තුවාල ලැබුවන් සම්බන්ධයෙන් විස්තර වාර්තා නොවන අතර සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් එක් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, ISIS විසින් සිරියාවේ නිර්භීත ඇමරිකානු දේශප්‍රේමීන් දරුණු ලෙස ඝාතනය කිරීම හේතුවෙන් මිනීමරු ත්‍රස්තවාදීන්ට එක්සත් ජනපදය ඉතා බරපතල පළිගැනීමක් සිදු කරන බවයි.
එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් මේ සමබන්ධයෙන් සඳහන් කර තිබුණේ, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය දිගටම පවතින බවත්, ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඇමරිකා එක්සත් ජනපදය කිසි විටෙකත් අපගේ ජනතාව ආරක්ෂා කිරීමට කිසි විටෙකත් පසුබට නොවනු ඇති බවත්ය.
කලාපයේ ISIS ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා මේවන විට එක්සත් ජනපද හමුදා භටයන් 1000ක් පමණ ස්ථානගත කර ඇති අතර ISIS සංවිධානයට එරෙහි එක්සත් ජනපද නායකත්වයෙන් යුත් සටනට සිරියානු රජය සහයෝගය ලබා දේ, ISIS ත්‍රස්තවාදී ඉලක්ක වෙත සිරියාවේ ආරක්ෂක හමුදා සම්බන්ධ කර ගනිමින්, එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයක් ගුවන් ප්‍රහාර සහ ගොඩබිම් මෙහෙයුම් ගණනාවක්ද මේ වන විට සිදුකර ඇත.