රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW :
2026 වසරේදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින්, මෙරටට ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකට ආසන්න ආයෝජන ගෙන ඒමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ, 2025 වසරේ දී ආයෝජන මණ්ඩලය ඇමෙරිකා ඩොලර් බිලියන එකක ආයෝජන ඉලක්කයක් ජයගෙන ඇති බවයි .
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ෂීල්ඩ් රෙස්ට්‍රෙයින්ට් සිස්ටම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
විදේශ ආයෝජන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම ආයතනය වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ සිය අති නවීන නිෂ්පාදන පහසුකම ආරම්භ කළ අතර, මෙම කර්මාන්ත ශාලාව තුළින් ළමා ආරක්ෂිත ආසන, ඉදිකිරීම් සහ කෘෂිකාර්මික උපකරණ ඇතුලු නවීන උපාංග රැසක් මෙහි නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වේ.
