මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව වෙනස් වන්නේ අනාගතයේ රගර් ක්‍රීඩකයන්ගේ දක්ෂතා ජාතික මට්ටමට සළකා බැලීම හකුලා පටු කිරීමේ ක්‍රියාවලියකට බව අප කාලයක් තිස්සේ වාර්තා කරනු ලැබුවා.එසේ කිරීමට දේශපාලනික වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පෙළඹවීම තුළ ඇත්තේ රාජපක්ෂමය සමයේ රගර් ක්‍රීඩාවට සිඳු වූ අනර්ථයන් වසා ගැනීම සහ ඒ තාලයට වඩා හොඳ ආකාරයකට ව්‍යවස්ථාපිත රාමුවක් ඔස්සේ රගර් ක්‍රීඩාව රාජපක්ෂකරණය ඔස්සේ පෙරට ගෙන යාම බවත් අප පෙන්වා දුන් කරුණු අතර තිබුණා.


එහෙත් මේ කාරණයට විරුද්ධව ඡන්ද බලය ප්‍රධාන ක්‍රීඩා සමාජ අතරට වැඩියෙන් හීමිවිමේ සිහිනයේ පැටළුණු බොහෝ ක්‍රීඩා සමාජ තාවකාලිකව ඒ පොප්සිකල් එක රස විඳිමින් සිටියා.එහෙත් බොහෝ ක්‍රීඩා සමාජවලට ලෙවන්නට ලැබෙන පොප්සිකලය මිස බලය ඒ හරහා ලැබේදැයි සැක සහිත බව ද අප වසින් පවසනු ලැබුවා.මේ මොහොත වන විට තරග පිටියේ එවැනි දේ සඳහා පිඹුරුපත් සැකසෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.
මේ ආණ්ඩුව බලයට එන විට රගර් කේෂ්ත්‍රය නිරවුල් කර ගැනීම සඳහා විසඳාගත යුුතු අභ්‍යන්තර ප්‍රශ්න දෙකක් තිබුණා.එකක් වසර ගණනකට පෙර ශ්‍රී ලංකාවට පවුම් 50000 දඩ ගැසීමට හේතු වූ කාරණා සෙවීම සහ එම වරද කළ නිලධාරීන් එම මුදලා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සම්මේලනයෙන් ලැබෙන ආධාර මුදලෙන් ගෙවීමට එකඟ වීම සම්බන්ධයෙන් සෙවීම සහ එසේ කළ අයට දඬුවම් කිරීම අපේක්ෂා කළා.කිසිම අපහසුවකින් තොරව ඒ සඳහා ක්‍රියා කිරීමට අවශ්‍යය ජාත්‍යන්තර සම්මේලනයෙන් දඩ ගැසීම සහ ඒ අනුව ක්‍රියා කළ ආකරය ගැන සාක්ෂිත් ක්‍රීඩා අමාත්‍යවරයාට සොයා ගැනීමට තිබුණා.


එසේම කිසිඳු හේතුවක් නොපෙන්වා ණය ලෙස රගර් පරිපාලනයේ වියදම් වූ ආකාරයක් නැති වියදම් තිබුණා.ඒ නිසා තමයි රගර් පරිපාලනය ණයට පත් වී තිබුණේ.එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයා බහත කී කාරණා වෙනුවට ඒ ඇතැම් සිඳුවීම් පිටුපස සිටි පිරිසිම තමන්ගේ ක්‍රීඩා ගමණට උපදෙස් දෙන්නට බඳවා ගත්තා.එන්න තිබුණ දඩය වගේම හේතුවක් නැති ණය බොල් ණය බවට වූ දේශපාලන මැදිහත්වීම මැද,දඩුවම් ලැබීමට සුදුසු වූ පුද්ගලයන්ට වැඩි පාලන හැකියාවක් යන විදිහට ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ උන්නතියට හේතුවන පරිදි පදනම සකස් කළ නවසීලන්ත ජාතික මැතේසන්ගේ ව්‍යවස්ථාව වෙනස් කළා.ප්‍රාෙද්ශිය පරිපාලන ඒකක මත ක්‍රීඩා සමාජවල ශක්තිය රඳවා තිබූ ඡන්ද ක්‍රමයේ වැඩි බලය ක්‍රීඩා සමාජවලට ලබා දුන්නා.හරියට අත්තිවාරම ඉවත් කර බිත්ති පමණක් ඉතුරු කිරීමක් වැනි ආකාරයට සිඳුවුණ එම වෙනසට ක්‍රීඩා සමාජනම් බිත්තා බොහෝ කැමත්තක් ඇති කර ගත්තේ තමන්ට එහි විශාල වගකීමක් හිමිවන බව සිතමින් විය යුතුයි.


මේ කැමත්ත සහිතව මහනුවර ක්‍රීඩා සමාජයද කටයුතු කළා.ඔවුන් මෑත කාලීනව ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව උඩු යටිකුරු කළ ක්‍රීඩා සමාජය වෙනවා.ඔවුන්ට කුසලානය අහිිමි කිරීමට නොහැකි ප්‍රධාන වශයෙන්ම ඔවුන් දක්ෂ නිසා යන්න අවිවාදිතයි.එසේ දස්කම්වලට අඩු සැලකිල්ලක් දෙන හෝ නොසළකා හරින විදිහකින් මිස මහනුවර මේ වන විටත් පරාජය කර දමන්නට බැහැ යන්න බොහෝ දුරට ඇත්තක්.


එවැනි තත්ත්වයක් තුළ මහනුවර ක්‍රීඩා සමාජය සහ සීඑච් ක්‍රීඩා සමාජය අතර තරගය ලකුණු සමවීමෙන් නිමවෙනවා.එම ලකුණු සමවීමට අවසාන මොහොතේ මහනුවර කණ්ඩායමට එරෙහිව ලැබෙන පෙනල්ටි ට්‍රයි අවස්ථාවද බලපානවා.එය ඒ මොහොත වන විට සීඑච් ක්‍රිඩකයින් දක්වමින් සිටි දක්ෂතාවයට ඔරොත්තු දීමට නොහැකිව මහනුවර කණ්ඩායම වෙතින් වූ වරදක් ලෙස ද කෙනෙකු හඳුන්වන්නට පුළුවන්.එහෙත් ඊට පෙර මහනුවර ලබා ගත් උත්සාහක දිණුමක් තරගයේ විනිසුරු විසින් අහිමි කරනවා.ඒ එහි අපැහැදිළිබව තෝරුම් ගැනීමට තාක්ෂණික සහය ද ලබා ගැනීමෙන් පසුවයි.තාක්ෂණික සහය අනුව එය උත්සාහක දිණුමක් විය යුතුව තිබුණත් විනිසුරු එම තීරණයට එකඟ වීම ප්‍රතික්ෂේප කරමින් තීරණය ලබා දෙනවා.


එ් නිසා ඇති වූ අවසාන ප්‍රතිපලයේ හැටියට මහනුවර ක්‍රීඩා සමාජයට සමහර විට මෙවර තරගාවලියේ සූරතාවය ද අහිමි වන්නට ඉඩ තිබෙනවා.ඊට තවත් හේතු ද යෙදෙන්නට ඉඩ ඇතත් මෙයම පමණක් වුව බලපෑමක් විය හැකි බව ප්‍රතික්ෂේප කළ නොහැකියි.
මෙහිදී වැදගත් වන්නේ සීඑච් කණ්ඩායම පුහුණු කරන්නේ කවුරුන්ද යන්න සොයා බැලීමයි.ඒ රෝහිත රාජපක්ෂයි.එයට විවිධ ආකාරයෙන් උසුළු විසුළු කරමින් රාජපක්ෂ විරෝධි ආණ්ඩුවේ හිතවතුන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ක්‍රියා කළා.රාජපක්ෂලා රගර්වලට හෙනයක් වූ බව කියමින් කළ විවේචනද ඒ අතර තිබුණා.එහෙත් ඔවුන් නිසා සිඳු වූ බව කියන වැරදිවලට වගකිව යුතු පිරිස්වලට බලය ලබා ගැනීමට තිබුණු බාධකයත් මේ වන විට ඉවත් කර දී අවසන්.දවසක මේ යාන්ත්‍රණය ඇතුළේ මේ රාජපක්ෂ කෙනෙක්ම ජාතික පුහුණුකරු වුව විය හැකියි.


පැහැදිළිව මේ තරගයේ දී සීඑච් කණ්ඩායම තුළින් දක්ෂතාවයක් දකින්නට ලැබුණ බව කිව යුතුයි.තරගයේ පළමු අර්ධයේ දී 17 – 5 ක් ලෙස ඉදිරියේ සිටි මහනුවර තරගය නිමාවන විට හඹා යමින් ලකුණු සමකර නිල තරග ප්‍රතිපලය 24-24 ක් කිරීම අතිශයින් දුර්වල වී කළ නොහැකි දෙයක් බව අපේ විශ්වාසයයි.එහෙත් අප මතු කරන ඉතිහාසය තුළ මේ රජයේ ක්‍රීඩාව පානය අරඹන මොහොතේ කළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය පරික්ෂාවේ දී ආදිය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම ලෙස හදුනාගත් ලියවිල්ලක් බෙදා දෙමින් කළ කී දේවලට අනුව අද මොවුන් ක්‍රිඩාවට සම්බන්ධ කිසිම තැනෙක වගකීමක සිටිය නොහැකියි.එහෙත් ඒ ලේඛණයේ සිටිය අය සමඟ පසුව අමාත්‍යවරයා පයිරු පාසානම් පවත්වමින් ඔවුන්ට අවශ්‍යය විදිහට සහ ඊට විරෝධතාවයක් නොවැටෙන විදිහට රාජපක්ෂලාවත් නොකළ විදිහට ව්‍යවස්ථාව සකසා අවසන් බවත්,එහි බලධාරීන් ලෙස නම් වී ඇති පුද්ගලයන් මෙන්ම ක්‍රිඩා සමාජ ද වෙනුව චෝදනාලාභීන්ගේ රගර් ආධිපත්‍යයක් ක්‍රියාත්මක වන බවත් මෙවැනි සිඳුවීම් ඇසුරෙන් කියවාගත යුතුව ඇත.
මෙහිදි මේ සමඟ ඇති වීඩියෝව නැවත නැවතත් ඇති අනතුර පෙන්වා දෙන බව අපි විශ්වාස කරමු. Television Match Official (TMO) හරහා නිවැරදි තීරණය අපේක්ෂාවෙන් කරන ඉල්ලීම පසුව තරග විනිසුරුවරයා පිළිගන්නේ නැත.එසේ ඉල්ලීමට හේතු වූ සැකය කවරේද යන්න සහ ඊට ටෙලිවිෂන් තාක්ෂණය වෙතින් ලැබෙන පිළිතුර විනිසුරුවරයා මඟ හරින්නේ ඇයි?


ඔහු යම් විදිහකින් සැක සහිත පිළිතුරක් Television Match Official (TMO) වෙතින් ලැබුණානම් ප්‍රතික්ෂේප කිරීම අසාධාරණ නැත.එහෙත් වන්නේ නිසැකව කළ යුතු දේ Television Match Official (TMO) විසින් පැවසීමේදී ඊට එකඟ නොවී මහනුවර කණ්ඩායමට උත්සාහක දිණුම ලබා දීම වැළක්වීමය.පියවි ඇස ප්‍රමාණවත් නොවන නිසා සහයකයන්ද,තවත් සාධාරණ වීම සඳහා Television Match Official (TMO) තනතුරක් ද තරගයකට එකතු කර ඇත්තේ ඇයි යන කාරණය දැන් විසඳා ගන්නට උත්සාහ කළ ද,මේ වරද නිසා මහනුවර ක්‍රීඩා සමාජයට අහිමි වන්නට ඇත්තේ කුමක්ද යන්න තරගාවලිය අවසන් වන විට තවත් දරුණු ලෙස දැනෙන්නට පටන්ගෙන තිබිය හැකිය.


මේ තෙවන පාර්ශවයකට මැදිහත් වන්නට සාධාරණය අපේක්ෂා කරන්නට නොහැකි වන පාලක සභාපතිවරයා පුටුවක් පමණක් කර ක්‍රියාත්මක විය හැකි වැඩ පිළිවෙලක පළමු පියවර විය හැකිය.අපි විමසිල්ලෙන් බලා සිටිමු.ගමේ රගර් පුබුදුවාලන්නට පළාත් සංගම්වල බලය හකුළුවා ලබා ගත් බලය යළි කෙසේ භාවිතයට ගන්නේද යන්න ගැනත් විමසිලිමත්ව සිටිමු.ඉතිහාසය දන්නා අයගේ හෘද සාක්ෂිය දන්නට පටන් ගැනීම දැන්ම ඇරඹී ඇත.එහෙත් දුර සිට මෙහි යටිබිම්ගත ක්‍රීඩා දේශපාලනය කියවා නොගැනීම නිසා රගර් හැකිළෙන පාළමක් සහිත පටු තැනෙකට පිවිස නැවතෙන්නට ඇති ඉඩ යළි පුළුල් කිරීම පහසු නොවනු ඇත.එහිදී ලෝක රගර් සම්මේලනය කාපු ලණුව නැවත වමාරා මුල සිට පටන් ගත යුතුය.ජාතික ඔලිම්පික් කමිටුවේ ආශිර්වාදයද යම් ආකාරයකට ඊට හිමි වූ බැවින් ඔවුන්ටද මේ තත්ත්වය කතා කරන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ළඟ සිටගන්නට සිඳු විය හැකිය.
අපි බලා ඉන්නෙමු.!මේක ඩීල් කාරයන්ගේ දේශපාලන තිප්පොළක පවතින අරුමැසි සෙල්ලමක් මිස ක්‍රීඩාවක් නොවන බව හැඟේ.
වීඩියෝව උපුටා ගැනීමකි.එහි මුල් හිමිකරුවන්ගේ තොරතුරු වීඩියෝවේ ප්‍රදර්ශනය වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...