2025 වසරේ අපනයන ආදායම පිළිබඳ සෑහීමකට පත්වේද?

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW :

මෙම වසරේ අපනයන ආදායමේ වර්ධනය ප්‍රමාණාත්මක නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දුන්නේ, අවම වශයෙන් අපනයන ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක මට්ටමක පැවතිය යුතු බවයි.

මෙම වසරේ නොවැම්බර් දක්වා වූ මාස 11ක කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 15,766ක අපනයන ආදායමක් උපයා ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ඊයේ(22) ප්‍රකාශ කළේය.

එහි සභාපති මංගල විජේසිංහ මහතා පැවසුවේ, පසුගිය නොවැම්බර් මාසයේදී පමණයක් අමෙරිකානු ඩොලර් 1,364ක අපනයන ආදායමක් උපයා ඇති බවයි.

එය පසුගිය වසරට සාපේක්‍ෂව සියයට 5.8ක වර්ධනයක් බවද ඔහු කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...