පළමුවැන්නයි දෙවැන්නයි එකතු වෙලා හදපු බැටනය

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW:

ජාතික ඔලිම්පික් කමිටුව 2026 ග්ලාස්ගෝ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා වන යෂ්ඨිය නිර්මාණය කරන්න කණ්ඩායම් කිහිපයක් කැදවා තරගයක් පැවත් වූවා.එම තරගයේ නිර්මාණාත්මක යෂ්ඨි ඇසුරු කරගෙන එහි නිර්මාණාත්මක බව ද සැළකිල්ලට ගෙන තැබූ සටහන පහත දැක්වෙනවා.

ප්‍රථම ස්ථානය


https://sinhala.lankanewsweb.net/11/27/222569/
ඊට අදාළ තරගයේ ජයග්‍රාහකයන් තෝරා ගෙන තිබෙනවා.ඔවුන්ගේ නාම ලේඛණය පහත දැක්වෙනවා.
‘ පළමු ස්ථානය: දෘශ්‍ය හා රංගන කලා විශ්ව විද්‍යාලයෙන් පී ඒ කුමුතු උමේජා සහ ඩබ්ලිව් සචින්ද දේශප්‍රිය

දෙවන ස්ථානය

‘ දෙවන ස්ථානය: කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර් ඩී සී එස් වීරසේකර සහ ජී එම් එස් ඩී සෙනරත්

තෙවන ස්ථානය: කැලණිය විශ්ව විද්‍යාලයෙන් වයි කේ එන් හේවාවසම් සහ ඩී එම් ඩී එල් දිසානායක

එම තරගයට පසුව විනිශ්චයට එක් වූ ප්‍රවීනයන් වූ බන්දු මනම්පේරි, දිල්ලායි ජෝසප් සහ කෝරලේගෙදර පුෂ්පකුමාර යන කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක මඟ පෙන්වීම යටතේ අවසාන බැටන් නිර්මාණය සඳහා පළමු සහ දෙවන ස්ථාන දිනූ අය යොදාගෙන නිර්මාණය කළ යෂ්ඨිය (Baton) තමයි මේ ඡායාරූපයේ දැක්වෙන්නෙ.
ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය, පුරාණ උරුමය සහ බහු-වාර්ගික, බහු සංස්කෘතික අනන්‍යතාවය පිළිබිඹු කරයි. ජාතික පුෂ්පය, නිල් මානෙල්, ආවේණික මිරිදිය මත්ස්‍යයා වන බන්දුල පෙතියා, මොනරා සහ අලියා වැනි ස්වදේශීය ශාක හා සත්ත්ව විශේෂ දිවයිනේ ස්වාභාවික ධනය සංකේතවත් කරයි. නිර්මාණය පුරා භාවිතා කරන හරිත වර්ණ ශ්‍රී ලංකාව අද්විතීය ස්වාභාවික පාරාදීසයක් ලෙස නිර්වචනය කරන සශ්‍රීක භූ දර්ශනය සහ අන්තර් සම්බන්ධිත පරිසර පද්ධති නියෝජනය මෙම යෂ්ඨියට ඇතුළත්ව තිබෙනවා.


සීගිරි බිතුසිතුවම්, යාපහුව යුගයේ ශිලා සිංහ මූර්තිය, නයිපෙන මුරගල සහ දෙගල්ඩොරෝව ලෙන් විහාර සිතුවම් ඇතුළු ලෝක ප්‍රකට නිර්මාණවලින් ලබාගත් කලාත්මක හා සංස්කෘතික අංග හරහා රටේ වසර 2,500ක් පැරණි උරුමය ප්‍රකාශ වේ. මහනුවර දළදා මාලිගාව, ඉස්ලාමීය මුස්ලිම් පල්ලි, හින්දු කෝවිල් සහ ක්‍රිස්තියානි පල්ලි වැනි ආගමික සන්ධිස්ථාන ශ්‍රී ලංකාවේ ආගමික සමගිය සහ බහු සංස්කෘතික ස්වභාවය පිළිබිඹු කරනවා.


මධ්‍යම කඳුකරය නියෝජනය කරන තේ දළු නෙළන කාන්තාව, උතුරු කලාපය සංකේතවත් කරන කෝලම් රටා සහ හින්දු කෝවිල් සහ වෙරළබඩ ප්‍රජාවන් නියෝජනය කරන කණු ධීවරයින් වැනි රූප හරහා කලාපීය විවිධත්වය තවදුරටත් නිරූපණය කෙරේ. දිවයින පුරා දේශීය කර්මාන්තවල විවිධත්වය ඉස්මතු කරමින් මසුන් ඇල්ලීම, තේ වගාව සහ වෙස් මුහුණු සෑදීම ඇතුළු සාම්ප්‍රදායික ජීවනෝපායන් ද ඉදිරිපත් කෙරෙනවා.
මේ සියල්ල කැටි වුණ දේශීය සම්ප්‍රදාය,උරුමය සමඟ ගමන් කරන සංස්කෘතික ජීවිතය විදහා දක්වන මෙම යෂ්ඨිය 2025 දෙසැම්බර් 18 වන දින නිල වශයෙන් එළි දැක්වීම සිඳු කරනු ලැබ අවසන් අතර එය ග්ලාස්ගෝ බලා යාමට නියමිතව තිබෙනවා.


ඔලිම්පික් හුදු ක්‍රීඩාව අභිබවා ගිය මානව ප්‍රේමය සමානත්මතා දහම මත විහිඳුවමින් සිටින සංකල්පමය වටිනාකමක් සහිත දර්ශනයක් වන අතර ඒ සඳහා පුළුල් සමාජ කථිකාවක් සමඟ දැනුවත් කිරිමක් ඇති කිරිමට මෙවැනි නිර්මාණාත්මක කාර්යයන් සඳහා විෂය ප්‍රවීන සමාජය ඈදා ගැනීම වැදගත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

“නඩු අත්හැරීමේ කතා අසත්‍යයි” – නීතිපතිවරයාගෙන් දැඩි ප්‍රතික්ෂේපයක්

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...